ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශය විසින් මෑත කාලයේ සිදුකළ විශාලතම වැටලීමක් ලෙස, නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සිගරට් මිලියන 3.6ක් අත්අඩංගුවට ගැනීමට සමත් වෙලා තියෙනවා. විදේශීය බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී, මෙම සිගරට් තොගය ඉතා සූක්ෂම ලෙස ශීතකරණ පැනල් (cold storage panels) තුළ සඟවා තිබියදී සොයාගෙන තියෙනවා. දෙහිවල ප්‍රදේශයේ සමාගමක් වෙත ආනයනය කර තිබූ මෙම බහාලුම පරීක්ෂා කිරීමේදී කාටූන් 18,000කට අධික ප්‍රමාණයක් මෙලෙස සොයාගන්න පුළුවන් වුණා.
මෙම ජාවාරම පිටුපස මෙරට රැඳී සිටින චීන ජාතිකයින් පිරිසකගේ සම්බන්ධයක් පවතින බවට රේගු නිලධාරීන් සැක පළ කරනවා. මෙම සිගරට් තොගය වෙළඳපොළට නිකුත් වුණා නම් රජයට අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 400 ඉක්මවන බවයි බලධාරීන් පවසන්නේ. අත්අඩංගුවට ගත් මෙම සිගරට් තොගයේ වටිනාකම රුපියල් මිලියන 450කට අධික බවත් සඳහන් වෙනවා. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රේගුව මගින් සිදුකරමින් පවතිනවා.

Discussion & Feedback