චිලී රාජ්‍යයේ හිටපු හමුදා පාලක ඔගස්ටෝ පිනෝචේගේ සමයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වුණු ජනප්‍රිය ජනප්‍රිය ගායක වික්ටර් ජාරාගේ ඝාතනයට සම්බන්ධ හිටපු හමුදා නිලධාරියෙක්ව වසර ගණනාවකට පස්සේ පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. නෙල්සන් හාසේ නම් මේ විශ්‍රාමික කර්නල්වරයා, 1973 වසරේ සිදුවුණු හමුදා කුමන්ත්රණයෙන් දින පහකට පස්සේ ජාරාව පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට වසර 25ක සිරදඬුවමක් නියම වෙලා හිටපු කෙනෙක්. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මේ තීන්දුව ප්‍රකාශයට පත් කළාට පස්සේ ඔහු සැඟවී සිටියත්, අවසානයේදී චිලී පොලිසිය විසින් ඔහුව රටේ දකුණු දිග ප්‍රදේශයකදී සොයාගෙන තියෙනවා.
වික්ටර් ජාරා කියන්නේ තමන්ගේ ගීත හරහා සමාජ අසාධාරණයට එරෙහිව හඬක් නැගූ කලාකරුවෙක්. හමුදා පාලන සමයේදී ඔහුව ක්‍රීඩාංගණයකට ගෙන ගොස් දරුණු ලෙස වධහිංසා පමුණුවා, ගිටාර් වාදනය කරන්න බැරි වෙන්න ඇඟිලි පවා තලා දමා, අවසානයේ වෙඩි තබා ඝාතනය කර තිබුණා. මේ සිදුවීම පිනෝචේ පාලන සමයේ සිදු වූ අමානුෂික ක්‍රියාවලියක එක් පැතිකඩක් විතරයි. හාසේ සමඟ තවත් හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ම මේ ඝාතනයට වරදකරුවන් වුණා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැනටමත් සිරදඬුවම් විඳින අතර, තවත් අයෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සියදිවි හානි කරගෙන තිබුණා. දශක ගණනාවකට පස්සේ හරි මේ වගේ අපරාධකරුවන්ට නීතියේ රැහැනට හසු වීම යුක්තිය ඉටු වීමක් විදිහටයි බොහෝ දෙනා දකින්නේ.

Discussion & Feedback