යුක්රේනයේ කියෙව් අගනුවර ආසන්නයට රුසියාව විසින් එල්ල කළ දරුණු මිසයිල ප්‍රහාරයකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. සෙනසුරාදා අලුයම එල්ල වුණු මෙම ප්‍රහාරයෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, ප්‍රහාරය නිසා ඇති වුණු සුන්බුන් කඩා වැටීමෙන් නිවාස සහ වාහන රැසකට දැඩි හානි සිදුවෙලා තියෙනවා. කියෙව් නගරාධිපතිවරයා පවසන විදිහට ගිනි නිවන භටයින් මේ වන විටත් නගරයේ විවිධ ස්ථානවල හටගෙන තිබෙන ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක නිරත වෙමින් ඉන්නවා.
මේ අතර යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවරට ගොස් තිබෙනවා. ඔහු එහිදී සර්බියානු ජනාධිපතිවරයා හමුවී ආරක්ෂක ගැටලු සහ ආර්ථික සබඳතා ගැන සාකච්ඡා කිරීමට නියමිතයි. යුද්ධය නිසා සිදුවන විනාශය අවම කරගන්න නම් තමන්ට ලැබිය යුතු මිසයිල නාශක පද්ධති ප්‍රමාද වීම විශාල ගැටලුවක් බව සෙලෙන්ස්කි නැවතත් අවධාරණය කරනවා. පසුගිය දිනවල යුක්රේනය විසින් රුසියාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමත් සමඟ දෙපාර්ශවය අතර ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback