ස්වාභාවික ආපදාවලට වඩා වේගයෙන් රටක් විනාශ කර දැමීමට දුර්වල අධිකරණ පද්ධතියකට හැකියාව තිබෙන බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අනතුරු අඟවනවා. ශ්‍රී ලංකා අධිකරණ අධ්‍යයන ආයතනයේ පැවති නවක මහේස්ත්‍රාත්වරුන් සඳහා වූ උත්සවයකදී අදහස් දක්වමින් එතුමා මේ බව අවධාරණය කළා. මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් කිසිදු ජාත්‍යන්තර ආධාරයකින් හෝ රට යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වන බවයි අගවිනිසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. නීතිඥවරුන් සහ විනිසුරුවරුන් තම වෘත්තීය ගෞරවය සහ සදාචාරාත්මක ප්රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, එසේ නොවුණහොත් බරපතළ ගැටලු මතු විය හැකි බවත් ඔහු සිහිපත් කළා.
ජනතා පරමාධිපත්‍යය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ ඡන්ද බලය යන අංශ හතර ප්‍රධාන වන බවත්, අධිකරණ බලය ජනතාවගෙන් ලැබෙන දෙයක් බවත් අගවිනිසුරුවරයා මෙහිදී පැහැදිලි කළා. විනිසුරුවරුන් තමන්ට ලැබී ඇති බලය තමන්ගේ පෞද්ගලික වාසියට නොව, ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් පමණක් භාවිතා කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ. අධිකරණ ස්වාධීනත්වය යනු විනිසුරුවරුන්ට තමන් කැමති ඕනෑම දෙයක් කිරීමට ලැබෙන බලපත්‍රයක් නොවන බවත්, එය ජනතා විශ්වාසය සහ රටේ යහපත ආරක්ෂා කර ගැනීම සඳහා පවතින වගකීමක් බවත් අගවිනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback