ලොව පුරා අතිශය ජනප්රිය ඩෑන් බ්රවුන්ගේ නවතම නවකතාවක් වන ‘The Secret of Secrets’ ඇසුරින් නිර්මාණය වන අලුත්ම Netflix කතාමාලාව ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. මීට කලින් මෝගන් ස්පෙක්ටර් සහ රෙබෙකා හෝල් මේ කතාමාලාවේ ප්රධාන චරිත රඟපාන බව දැනගන්න ලැබුණත්, දැන් ඒ ලැයිස්තුවට තවත් දක්ෂ නළු නිළියන් හතර දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඒ අනුව චෙරි ජෝන්ස්, කොරී ස්ටෝල්, රොබ් ඩෙලනි සහ ඇබී ලී කියන ජනප්රිය රංගන ශිල්පීන් මේ කතාමාලාවට සම්බන්ධ වෙලා තියෙනවා. මේ කතාමාලාව අනාගත විද්යාව සහ අද්භූත කතාන්දර එකතු කරලා හදන එකක් නිසා රසිකයන් ගොඩක් දෙනෙක් මේක එනකම් ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින්.
මේ කතාමාලාවේදී රොබට් ලැන්ග්ඩන් කියන චරිතය වටා තමයි මුළු කතාවම ගෙතෙන්නේ. ඔහු අතුරුදහන් වුණු විද්යාඥයෙක්ව සහ ඇය සතු අතිශය වැදගත් අත්පිටපතක් හොයාගන්න කරන අරගලය තමයි මෙහි දකින්න ලැබෙන්නේ. චෙරි ජෝන්ස් මෙහි ඇමරිකානු තානාපතිනියක් විදිහටත්, කොරී ස්ටෝල් හිටපු සී.අයි.ඒ නියෝජිතයෙක් විදිහටත් රඟපානවා. ඒ වගේම රොබ් ඩෙලනි සහ ඇබී ලීත් කතාවේ ගලායාමට ඉතාම වැදගත් චරිත නිරූපණය කරනවා. ඩෑන් බ්රවුන් සහ කාල්ටන් කියුස් එකතු වෙලා නිෂ්පාදනය කරන මේ කතාමාලාව Netflix හරහා ඉතා ඉක්මනින්ම අපිට බලාගන්න පුළුවන් වෙයි කියලා තමයි ආරංචි වෙන්නේ.

Discussion & Feedback