ChatGPT භාවිතා කරන ලෝකවාසීන්ට ඉතාමත් වැදගත් පුවතක් OpenAI ආයතනය විසින් අද නිවේදනය කළා. ඒ අනුව, ChatGPT හි නොමිලේ සේවාව ලබා ගන්නා පරිශීලකයන්ට තවදුරටත් කිසිදු සීමාවකින් තොරව පෙළ පදනම් කරගත් පණිවිඩ හුවමාරු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ සඳහා අලුතින්ම හඳුන්වා දුන් GPT-5.6 Luna මාදිලිය භාවිතා කරන අතර, සංකීර්ණ ප්රශ්නවලට වඩාත් බුද්ධිමත් පිළිතුරු ලබා ගැනීම සඳහා ‘Think’ නමින් නව බොත්තමක් ද ඔවුන්ට ලැබෙනවා. කෙසේ වෙතත්, පින්තූර, හඬ පට සහ ගොනු ආශ්රිත සේවාවන් සඳහා තවමත් යම් සීමාවන් පවතින බවත් ඔවුන් සඳහන් කරනවා.
ChatGPT Plus සහ Pro භාවිතා කරන්නන් සඳහා ද විශේෂ වෙනස්කම් රැසක් සිදු කර තිබෙනවා. ඔවුන්ට දැන් වඩාත් වේගවත් සහ නිවැරදි පිළිතුරු ලබා දෙන GPT-5.6 Sol මාදිලිය භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම, තමන් අසන ප්රශ්නයේ සංකීර්ණත්වය අනුව පිළිතුරක් ලබා ගැනීමට කොපමණ කාලයක් හෝ බුද්ධියක් වැය කළ යුතුද යන්න තීරණය කිරීමට ‘Thinking slider’ එකක් ද ඔවුන්ට ලබා දී තිබෙනවා. පෙර පැවති මාදිලිවලට වඩා මෙම නව සංස්කරණවලදී වැරදි තොරතුරු ලබා දීමේ ප්රවණතාවය 60%කට වඩා අඩු වී ඇති බවත් OpenAI පවසනවා. මෙම නව පහසුකම් ඉදිරි සතිය තුළ සියලුම පරිශීලකයන් වෙත ලැබෙනු ඇති අතර, තාක්ෂණ ලෝකයේ මෙය විශාල පෙරළියක් වනු නොඅනුමානයි.

Discussion & Feedback