පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේ යූටා වැලි විශ්වවිද්‍යාලයේදී දේශපාලන ක්‍රියාකාරිකයෙක් වුණු චාලි කර්ක්ව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ අය මේ වන විට නීතිමය පියවර අරගෙන තියෙනවා. ඔවුන් චෝදනා කරන්නේ විශ්වවිද්‍යාල බලධාරීන් සහ ප්‍රාන්ත පොලිසිය විසින් ගත් නොසැලකිලිමත් තීරණ සහ ආරක්ෂක අංශවල තිබුණු බරපතල අතපසුවීම් නිසා තමයි චාලිට මේ ඉරණම අත්වෙලා තියෙන්නේ කියලා. දහස් ගණනක් පිරිසක් මැද එළිමහන් ස්ථානයක පැවති මේ උත්සවයේදී, උස් ගොඩනැගිලිවල වහලවල් ආරක්ෂා කිරීමට බලධාරීන් අපොහොසත් වීම නිසා චාලිව ඉතා පහසුවෙන් ඉලක්ක කරගන්න වෙඩික්කරුට පුළුවන් වුණා.
චාලිගේ පවුලේ නීතිඥවරු පවසන්නේ, මේ උත්සවය සඳහා නිසි ආරක්ෂක සැලැස්මක් හෝ ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබුණේ නැති බවයි. විශේෂයෙන්ම ට්‍රම්ප් මහතාට එල්ල වුණු වෙඩි ප්‍රහාරයෙන් පසුවත්, මෙවැනි උස් ස්ථානවලින් එල්ල විය හැකි තර්ජන ගැන බලධාරීන් කිසිදු සැලකිල්ලක් දක්වා නැහැ. මේ සිද්ධියට සම්බන්ධ සැකකරු වන ටයිලර් රොබින්සන් මේ වන විට අධිකරණය හමුවේ පෙනී සිටින අතර, ඔහුට එරෙහිව මරණ දඬුවම ලබා දිය යුතු බවට නඩු පවරන්නන් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල බලධාරීන් මේ චෝදනා සම්බන්ධයෙන් තවමත් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නැහැ.

Discussion & Feedback