මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා භූමිය, දේවාල පරිශ්‍රය සහ මැණික් ගඟ අවට ප්‍රදේශය 2030 වසර වන විට ප්ලාස්ටික්වලින් තොර කලාපයක් බවට පත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. මේ වැඩසටහන දියත් කළේ මෙවර රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ පෙරහැර සමග සමගාමීවයි. විශේෂයෙන්ම වාර්ෂිකව කතරගම වන්දනාවේ එන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් නිසා පරිසරයට එකතු වෙන ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය අවම කිරීම තමයි මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙන්නේ.
මේ සඳහා බැතිමතුන්, ප්‍රදේශවාසීන් සහ වෙළෙන්දන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. තහනම් කළ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය පාලනය කරන්න වැටලීම් සිදු කරන අතරම, පූජා භාණ්ඩ සඳහා පරිසර හිතකාමී විකල්ප හඳුන්වා දීමටත් පියවර ගන්නවා. මීට පෙර සිදු කළ නියමු ව්‍යාපෘතියේදී ප්ලාස්ටික් මල් මාල වෙනුවට ස්වභාවික මල් මාල භාවිතය සහ පරිසර හිතකාමී බෑග් භාවිතය වැනි දේවල් සාර්ථක වුණා. ඉදිරියේදී රජයේ සහ පෞද්ගලික ආයතනවල සහයෝගයෙන් මැණික් ගඟේ සහ පූජා භූමියේ පිරිසිදුකම ආරක්ෂා කරමින් දිගුකාලීන පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback