කොළඹ මාලිගාවත්ත, බීසීසී පාලම අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වෙනවා. මේ වෙඩි තැබීම සිදුවූ ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක් මේ වන විට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එම දර්ශනවලින් පෙනී යන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු ඉතා වේගයෙන් ඉලක්කය වෙත වෙඩි තබා පලා යන ආකාරයයි. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය තහවුරු කරන්නේ.
මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ඥාතියෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම සිදුවීම පසුපස ඇත්තේ කිනම් හේතුවක්ද යන්න පිළිබඳව පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මාලිගාවත්ත පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක කරනවා. ප්රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සොයා සීසීටීවී දර්ශන ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.

Discussion & Feedback