මීගමුව – මිනුවන්ගොඩ මාර්ගයේ බොලවලන ප්‍රදේශයේදී සිදුවුණු දරුණු රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. බදාදා රාත්‍රියේ සිදුවුණු මේ අනතුරට අදාළ සීසීටීවී දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. එම දර්ශනවල දැක්වෙන විදියට අධික වේගයෙන් පැමිණි යතුරුපැදි දෙකක්, කන්ටේනර් අංගනයකට ඇතුළු වෙමින් තිබූ ප්‍රයිම් මුවර් රථයක ගැටෙනවා. මේ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වෙලා තියෙන්නේ දාගොන්න ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තලිෂ නිම්නෙත් සිරිවර්ධන සහ 19 හැවිරිදි කවිඳු හෂාන් සෝමතිලක කියන තරුණයින් දෙදෙනායි. ඔවුන් දෙදෙනාම අනතුර සිදුවුණු ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.
අනතුර සිදුවීමෙන් පස්සේ එම ස්ථානයට රැස්වුණු පිරිසක් අදාළ ප්‍රයිම් මුවර් රථයට ගිනි තබා තිබෙනවා. පසුව මීගමුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ කටාන පොලිසිය මැදිහත් වෙලා ගින්න පාලනය කළා. මේ වන විට පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. අනතුර සිදුවුණු ආකාරය සහ පසුව රථයට ගිනි තැබීමේ සිද්ධිය යන කරුණු දෙකම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසන්නේ. පාරේ යනකොට තමන්ගේ වේගය ගැන වගේම අවට තත්ත්වය ගැනත් කොයිතරම් සැලකිලිමත් වෙන්න ඕනෙද කියන එක මේ වගේ සිදුවීම්වලින් අපිට හොඳටම පැහැදිලි වෙනවා.

Discussion & Feedback