අද වන විට බොහෝ සමාගම් කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය තම එදිනෙදා වැඩකටයුතු සඳහා යොදා ගැනීමට උත්සාහ කළත්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. කෙසේ වෙතත්, කාර්මික ක්ෂේත්රයේ දැවැන්තයෙක් වන කැටපිලර් (Caterpillar) සමාගම, දශක ගණනාවක් තිස්සේ පතල් කර්මාන්තයේ ස්වයංක්‍රීය යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් ලබාගත් අත්දැකීම් උපයෝගී කරගනිමින් මේ ගැටලුවට සාර්ථක විසඳුම් සොයාගෙන තිබෙනවා. ඔවුන් මේ වන විට ස්වයංක්‍රීය ට්‍රක් රථ, කැණීම් යන්ත්‍ර සහ දුරස්ථ පාලක උපකරණ වැනි දියුණු තාක්ෂණයන් ඉදිකිරීම් ක්ෂේත්රයටත් හඳුන්වා දී අවසන්.
කැටපිලර් සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරිනී ජේමි මයින්හාර්ට් පවසන පරිදි, ඔවුන්ගේ නවතම ‘Cat AI Assistant’ මගින් ක්ෂේත්රයේ සේවකයන්ට යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේදී හඬ විධාන මගින් උපදෙස් ලබා ගැනීමටත්, ගැටලු හඳුනා ගැනීමටත් හැකියාව ලැබෙනවා. සමාගම සතු දත්ත මිලියන ගණනක් භාවිතයෙන් මේ තාක්ෂණය දියුණු කර ඇති අතර, ඉදිරි වසර පහ තුළ තම සේවකයන් ලක්ෂයකට අධික පිරිසකට AI සහ රොබෝ තාක්ෂණය පිළිබඳ පුහුණුව ලබා දීමට ඔවුන් ඩොලර් මිලියන 100ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
තාක්ෂණය දියුණු කිරීම පමණක් නොව, මිනිසුන් සහ යන්ත්‍ර එකට වැඩ කරන ආකාරය වෙනස් කිරීමත් ඉතා වැදගත් බව ඔවුන් පෙන්වා දෙනවා. දැනටමත් දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය බලශක්ති උපකරණවලට ඇති ඉහළ ඉල්ලුම නිසා කැටපිලර් සමාගමේ ආදායම වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, කෘත්‍රිම බුද්ධිය යනු හුදෙක් පරිගණක වැඩසටහනක් පමණක් නොව, එය කාර්මික ක්ෂේත්රයේ විශාල විප්ලවයක් බවට පත්වෙමින් තිබෙන බව පැහැදිලියි.

Discussion & Feedback