ලන්ඩනයේ ජාතික රඟහලේදී පැවැත්වෙන ‘ඉලෙක්ට්රා/පර්සෝනා’ නාට්යයේ රඟපාන ප්රවීණ හොලිවුඩ් නිළි කේට් බ්ලැන්චෙට්, නාට්යය නරඹන ප්රේක්ෂකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා. නාට්යය අවසානයේ වේදිකාවට පැමිණි ඇය, ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ නාට්යය නරඹන අතරතුර ජංගම දුරකථන භාවිතයෙන් වීඩියෝ කිරීම නවත්වන ලෙසයි. ඇය ඉතාම සංවේදීව සහ සන්සුන්ව ප්රකාශ කළේ, වේදිකාව කියන්නේ අපිට එකිනෙකා සමඟ එකට ඉන්න සහ වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන් ඉතාම සීමිත තැන්වලින් එකක් බවයි. ප්රේක්ෂකයන් වීඩියෝ කිරීම නිසා නාට්යයේ ඇති රසය සහ එහි අත්දැකීම ඉදිරියේදී නාට්ය බලන්න එන අයට නැතිවී යන බවත් ඇය පෙන්වා දුන්නා.
බෙනඩික්ට් ඇන්ඩෲස්ගේ අධ්යක්ෂණයෙන් හැඩවෙන මේ නාට්යයේ කේට් බ්ලැන්චෙට් සහ නීනා හොස් ප්රධාන චරිත රඟපානවා. විශේෂත්වය වන්නේ, සෑම දිනකම කාසියේ වාසිය අනුව ඔවුන් දෙදෙනා රඟපාන චරිත මාරු වීමයි. පුරාණ ග්රීක ඛේදවාචකයක් සහ නූතන මනෝවිද්යාත්මක කතාවක් එකට මුසු කරලා නිර්මාණය කරලා තියෙන මේ නාට්යය, මිනිස් අනන්යතාවය ගැන ගැඹුරු කතාවක් කියනවා. කේට් බ්ලැන්චෙට්ගේ මේ ඉල්ලීමට ප්රේක්ෂකයන්ගෙන් ලොකු ප්රතිචාරයක් ලැබුණු අතර, බොහෝ දෙනෙක් ඇයගේ අදහස අගය කරලා තියෙනවා. ඔක්තෝබර් 10 වෙනිදා දක්වා මේ නාට්යය ලන්ඩනයේදී නරඹන්න පුළුවන්.

Discussion & Feedback