ප්‍රවීණ සූපවේදී දර්ශන මුනිදාස මහතාගේ මාලදිවයිනේ පිහිටි ‘කාර්න් ඩියම් ග්‍රිල්’ (Carne Diem Grill) අවන්හල, ලොව පිළිගත් ’50 Best Discovery 2026′ ලැයිස්තුවට ඇතුළත් වෙන්න සමත් වෙලා තියෙනවා. මේ වසරේ ලෝක මට්ටමින් නිකුත් කරපු මේ විශේෂිත ලැයිස්තුවට මාලදිවයිනෙන් තේරුණු එකම අවන්හල වෙන්නෙත් මේකයි. ලොව පුරා ඉන්න සංචාරකයන් සහ ආහාර ලෝලීන් අතර ඉතාම ජනප්‍රිය මේ වේදිකාවට අවන්හලක් තෝරා ගන්නේ ලෝකයේ ප්‍රවීණයන් 3000කට අධික පිරිසකගේ ඡන්දයෙන් නිසා, මේක ඇත්තටම ලොකු ජයග්‍රහණයක්.
2020 වසරේදී මාලදිවයිනේ ක්‍රොස්රෝඩ්ස් මරීනාහි ආරම්භ කරපු මේ අවන්හල, දර්ශන මුනිදාස මහතා නිර්මාණය කරපු ‘ඉග්නිස් මැක්සිමස්’ නම් විශේෂිත ග්‍රිල් යන්ත්‍රය නිසා ලෝකය පුරාම ප්‍රසිද්ධයි. අංශක 750ක උෂ්ණත්වයකින් මස් පිසීමේ හැකියාව තියෙන මේ තාක්ෂණය සහ ‘මස්, තාපය සහ ලුණු’ කියන සරල නමුත් විශිෂ්ට සංකල්පය මත තමයි මේ අවන්හල ගොඩනැගිලා තියෙන්නේ. කිසිම අලුත් විලාසිතාවක් පස්සේ නොයා, තමන්ගේම අනන්‍යතාවය රැකගෙන වැඩ කරන එක තමයි මේ සාර්ථකත්වයට හේතුව කියලා දර්ශන මුනිදාස මහතා පවසනවා.
මීට කලින් එතුමාගේ ‘නිහොන්බාෂි’ සහ ‘මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්’ අවන්හල් ද ‘ආසියාවේ හොඳම 50′ ලැයිස්තුවට ඇතුළත් වෙලා තිබුණා. ඒ අනුව, දර්ශන මුනිදාස මහතාගේ නිර්මාණයක් ’50 Best’ ගෝලීය පිළිගැනීමට ලක්වුණු තුන්වැනි අවස්ථාව විදියට ‘කාර්න් ඩියම් ග්‍රිල්’ ඉතිහාසයට එක්වෙනවා. මේ ජයග්‍රහණය මාලදිවයිනේ සූපශාස්ත්‍ර ක්ෂේත්රයටත් ලොකු ගෞරවයක් වගේම, ශ්‍රී ලාංකික සූපවේදියෙක් විදියට එතුමා ලබපු තවත් සුවිශේෂී ජයග්‍රහණයක්.

Discussion & Feedback