ලොව පුරා රසික ආදරය දිනාගත් ප්රවීණ ගායිකා කාර්ලි සයිමන් තමන් පාකින්සන් රෝගයෙන් පෙළෙන බව පසුගියදා ප්රසිද්ධියේ ප්රකාශ කළා. වයස අවුරුදු 83ක් වන ඇය පවසන්නේ මෙම රෝග විනිශ්චය තේරුම් ගැනීමට සහ එය සමඟ ජීවත් වීමට තමන්ට යම් කාලයක් ගත වූ බවයි. මුලින් දණහිස් සහ උකුල් ආශ්රිත ආතරයිටිස් රෝග තත්ත්වයන් නිසා සැත්කම් කිහිපයකටම මුහුණ දුන් ඇයට, පසුව ඇවිදීමේ අපහසුතා වර්ධනය වීමත් සමඟයි මෙම රෝගය හඳුනාගෙන තිබෙන්නේ. මීට අමතරව, ඇය මුහුණේ ඇති වූ සමේ පිළිකා තත්ත්වයක් සඳහා ද සැත්කමකට භාජනය වී තිබෙනවා.
මෙම රෝගී තත්ත්වයන් නිසා ඇතැම් දිනවල දැඩි වෙහෙසක් දැනුණත්, තමන් තවමත් ජීවිතය අත්හැර දමා නැති බව ඇය අවධාරණය කරනවා. විශේෂයෙන්ම ඇයගේ නවතම ඇල්බමය වන ‘Comes in Waves’ නිර්මාණය කිරීමේ කටයුතුවල නිරත වීම, රෝගී තත්ත්වය මධ්යයේ වුවද ජීවිතයට අරමුණක් ලබා දුන් බව ඇය පවසනවා. “අසනීපයක් කියන්නේ ජීවිතයම නෙවෙයි, එය ජීවිතයේ කොටසක් පමණයි” යනුවෙන් පවසන කාර්ලි, තමන්ගේ රෝගී තත්ත්වය ගැන විවෘතව කතා කිරීමට තීරණය කළේ රසිකයන්ගේ විමසීම්වලට පිළිතුරු දීමටයි. 1971 වසරේදී සිය සංගීත දිවිය ආරම්භ කළ ඇය, ‘You’re So Vain’ වැනි අතිශය ජනප්රිය ගීත හරහා ග්රැමී සම්මාන දිනා ගනිමින් ලෝක ප්රසිද්ධියට පත් වූ විශිෂ්ට කලාකාරිනියක්.

Discussion & Feedback