ඩිස්නි නාලිකාවේ අතිශය ජනප්රිය ‘Zombies’ චිත්රපට මාලාව හරහා ප්රේක්ෂක ආදරය දිනාගත් දක්ෂ තරුණ නිළි කාර්ලා ජෙෆ්රි පසුගිය සැප්තැම්බර් පළමුවැනිදා අභාවප්රාප්ත වෙලා. ඇය මියයන විට 33 වැනි වියේ පසු වුණා. ඇගේ කළමනාකාරීත්වය වන ‘ඇලෙක්සැන්ඩර් ටැලන්ට් මැනේජ්මන්ට්’ ආයතනය සමාජ මාධ්ය ඔස්සේ මේ කනගාටුදායක පුවත තහවුරු කර තිබුණත්, ඇගේ මරණයට හේතුව හෝ සිදුවූ ස්ථානය පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය කරලා නැහැ.
කාර්ලා ජෙෆ්රි ගැන අදහස් දක්වමින් ඇගේ කළමනාකරු පවසා තිබුණේ, පසුගිය වසර විස්සක කාලය පුරා ඇය ඉතා දක්ෂ, ජවසම්පන්න සහ ඕනෑම තැනකදී කැපී පෙනෙන සිනහවකින් යුත් තරුණියක් ලෙස වැඩෙන ආකාරය තමන් දැක ඇති බවයි. ඇය තමන්ට හුදෙක් සේවාදායිකාවක් පමණක් නොව පවුලේ සාමාජිකාවක් වැනි බවත් ඔවුන් පවසා තිබුණා. කාර්ලා ‘Zombies’ චිත්රපට මාලාවේ ‘බ්රී’ නම් චරිතය හරහා ලොව පුරා සිටින දරුවන් සහ තරුණ ප්රේක්ෂකයන් අතර විශාල ජනප්රියත්වයක් ලබා ගත්තා. 2018 වසරේ සිට 2022 දක්වා නිකුත් වූ චිත්රපට මාලාවේ මෙන්ම, 2024 වසරේ විකාශය වූ ‘Zombies: The Re-Animated Series’ සඳහාත් ඇය සිය හඬ දායකත්වය ලබා දුන්නා.
ඇය රංගන ක්ෂේත්රයට පිවිසියේ ‘Zombies’ හරහා පමණක් නෙවෙයි. ජනප්රිය HBO විකට කතා මාලාවක් වන ‘Curb Your Enthusiasm’ හි කථාංග දහයකට පමණ ඇය රංගනයෙන් දායක වී තිබෙනවා. ඇගේ අකල් වියෝව හොලිවුඩ් සිනමා ක්ෂේත්රයට මෙන්ම ඇගේ රසික රසිකාවියන්ටත් ලොකු කම්පනයක් වෙලා තියෙනවා. ඇයගේ රංගන කුසලතාවය ඉදිරියේදීත් රසිකයන්ගේ මතකයේ රැඳෙනු නොඅනුමානයි.

Discussion & Feedback