ජනප්රිය කාඩ් ක්රීඩාවක් වන ‘කාඩ්ස් අගේන්ස්ට් හියුමෑනිටි’ සමාගම සහ බිලියනපති ඉලොන් මස්ක්ගේ ස්පේස්-එක්ස් (SpaceX) සමාගම අතර පවතින ගැටුම තවත් උණුසුම් වී තිබෙනවා. ටෙක්සාස් ප්රාන්තයේ ස්පේස්-එක්ස් මධ්යස්ථානය අසල තමන්ට අයත් ඉඩමක, ඉලොන් මස්ක්ට අපහාස වන ආකාරයේ විශේෂ ස්මාරකයක් ඉදිකිරීමට මෙම සමාගම තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. මීට පෙර ස්පේස්-එක්ස් සමාගම විසින් මෙම ඉඩම අවසරයකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔවුන් ඩොලර් මිලියන 15ක නඩුවක් පවරා තිබූ අතර, පසුව එය සමථයකට පත් වුණා. නමුත් මස්ක් කෙරෙහි පවතින දැඩි විරෝධය නිසා ඔවුන් මෙවැනි අමුතු පියවරකට යොමු වී තිබෙනවා.
මෙම ඉඩම ඇත්තටම 2017 වසරේදී ට්රම්ප් පාලන සමයේදී දේශසීමා තාප්පය ඉදිකිරීමට එරෙහිව ක්රියාත්මක කළ ව්යාපෘතියක් හරහායි ඔවුන් මිලදී ගත්තේ. මේ වන විට ස්පේස්-එක්ස් සමාගම එම ප්රදේශය ‘ස්ටාර්බේස්’ නමින් වෙනම නගරයක් ලෙස නම් කර තිබුණත්, එයට එරෙහිව නැවතත් මෙවැනි විරෝධයක් එල්ල වීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. ස්මාරකය ඉදිකිරීම සඳහා මහජනතාවගේ අදහස් ලබා ගැනීමටත් ඔවුන් කටයුතු කරමින් සිටින අතර, මෙය මස්ක් සහ සමාගම අතර පවතින අර්බුදය තවදුරටත් උග්ර කරන බවක් පෙනෙන්නට තිබෙනවා.

Discussion & Feedback