ජනප්රිය කාඩ් ක්රීඩාවක් වන ‘කාඩ්ස් අගේන්ස්ට් හියුමෑනිටි’ (Cards Against Humanity) ආයතනය මේ දිනවල ඉලොන් මස්ක් සහ ඔහුගේ ස්පේස්-එක්ස් (SpaceX) සමාගම ඉලක්ක කරගෙන අමුතුම වැඩක් පටන් අරන් තියෙනවා. ඔවුන් තමන්ට අයිති ටෙක්සාස් ප්රාන්තයේ ඉඩමක, ඉලොන් මස්ක්ට අපහාස වන ආකාරයේ නමක් සහිත ස්මාරකයක් ඉදිකිරීමට සැලසුම් කරමින් ඉන්නවා. මීට පෙර ස්පේස්-එක්ස් සමාගම විසින් මෙම ඉඩම අවසරයකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔවුන් නඩු පවරා තිබූ අතර, පසුව එම නඩුව සමථයකට පත් වුණත්, මේ සමාගම තවමත් මස්ක් කෙරෙහි තියෙන විරෝධය අත්හරින්න සූදානම් නැහැ.
මෙම ඉඩම මුලින්ම මිලදී ගත්තේ 2017 වසරේදී ට්රම්ප් පාලන සමයේ දේශසීමා තාප්පය ඉදිකිරීමට බාධා කිරීමේ අරමුණින්. නමුත් දැන් එම ප්රදේශය ස්පේස්-එක්ස් සමාගමේ ‘ස්ටාර්බේස්’ ව්යාපෘතියට අයත් නගරයක් ලෙස නම් කර තිබීම නිසා ගැටුම තවත් උණුසුම් වෙලා තියෙනවා. තමන්ගේ ඉඩම ස්පේස්-එක්ස් සමාගමේ ව්යාපෘතිවලට යටවීම ගැන සෑහීමකට පත් නොවන කාඩ්ස් අගේන්ස්ට් හියුමෑනිටි ආයතනය, දැන් මහජනතාවගේ සහයෝගය ඇතිව මස්ක්ට එරෙහිව මෙම අපහාසාත්මක ස්මාරකය ඉදිකිරීමට කටයුතු කරමින් ඉන්නවා. මේ සිදුවීම මේ වන විට අන්තර්ජාලය තුළ ලොකු කතාබහක් ඇති කර තිබෙනවා.

Discussion & Feedback