Marvel Rivals ක්රීඩාවට අලුතින් එකතු වුණු කැප්ටන් ඇමරිකාගේ ‘Seaside Sentinel’ කියන ස්කින් එක මේ දවස්වල ගේමින් ලෝකයේ ලොකු ආන්දෝලනයක් ඇති කරලා තියෙනවා. මේ ස්කින් එකේ කැප්ටන් ඇමරිකාගේ ශරීර අංගයන් ඉතාමත් අසාමාන්ය විදිහට නිරූපණය කරලා තිබුණ නිසා ගොඩක් ක්රීඩකයෝ ඒ ගැන සමාජ මාධ්ය හරහා තමන්ගේ අප්රසාදය පළ කළා. මේ විරෝධය නිසාම NetEase සමාගම ඉතා ඉක්මනින් ක්රියාත්මක වෙලා එම ස්කින් එකේ තිබුණු අදාළ කොටස ප්රමාණයෙන් අඩු කරන්න පියවර ගත්තා. මේ සිදුවීමත් එක්ක රසිකයන් ගොඩක් දෙනෙක් ප්රශ්න කරන්නේ ඇයි පිරිමි චරිතවලට මෙහෙම ඉක්මනින් ප්රතිචාර දක්වද්දී, කාන්තා චරිතවල අසභ්ය හෝ අතිශයෝක්තියෙන් යුත් ඇඳුම් පැළඳුම් ගැන කිසිම තැකීමක් කරන්නේ නැත්තේ කියලා.
ඇත්තටම මේක ද්විත්ව ප්රමිතියක් (double standard) කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. මොකද මීට කලින් Black Cat, Black Widow, සහ Emma Frost වගේ චරිතවල ස්කින්ස් සම්බන්ධයෙන් මෙවැනිම විවේචන ආවත්, සමාගම ඒ ගැන කිසිම වෙනසක් කළේ නැහැ. ඒ නිසා දැන් රසිකයන් ඉල්ලන්නේ කැප්ටන් ඇමරිකාගේ ස්කින් එක වෙනස් කළා නම්, කාන්තා චරිතවල ඇඳුම් පැළඳුම් සහ පෙනුම සම්බන්ධයෙනුත් සාධාරණ තීරණයක් ගන්න කියලා. කොහොම වුණත්, මේ සිදුවීමත් එක්ක Marvel Rivals ක්රීඩාවේ අනාගත යාවත්කාලීන කිරීම් ගැන ලොකු කුතුහලයක් දැන් ක්රීඩකයන් අතර ඇති වෙලා තියෙනවා.

Discussion & Feedback