කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ නිවාඩු නිකේතනයකදී වවුලෙකුගේ පහරදීමකට ලක්වූ 11 හැවිරිදි දරුවෙකු ජලභීතිකා රෝගය වැළඳීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධිය සිදුවන අවස්ථාවේදී දරුවාගේ මුහුණ මත වවුලෙකු සිටිනු දැක ඔහු එය ඉවත් කර තිබුණත්, පිටතින් තුවාල කිසිවක් නොපෙනුණු නිසා දෙමාපියන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී නැහැ. නමුත් දින 19කට පසු දරුවාගේ මුහුණේ ඉදිමීමක් සහ හිරිවැටීමක් ඇතිවීමත් සමඟ රෝග ලක්ෂණ මතු වන්නට පටන් ගත්තා.
මුලදී වෛද්‍යවරුන් මෙය බෙල්ස් පාල්සි (Bell’s palsy) වැනි රෝගයක් ලෙස සැක කළත්, පසුව දරුවාට උණ, ගිලීමේ අපහසුව සහ මායාවන් පෙනීම වැනි බරපතළ තත්ත්වයන් ඇති වුණා. පසුව සිදුකළ පරීක්ෂණවලින් ඔහුට වවුලන් හරහා බෝවන ජලභීතිකා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. රෝහල්ගත කර දින 17කට පසු දරුවා මියගිය අතර, වෛද්‍යවරු පවසන්නේ වවුලෙකු සමඟ කෙලින්ම සම්බන්ධයක් ඇති වූ ඕනෑම අවස්ථාවක වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි. ජලභීතිකා රෝග ලක්ෂණ මතු වූ පසු එය සුව කිරීම ඉතා අපහසු සහ මාරාන්තික තත්ත්වයක් බව ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවනවා.

Discussion & Feedback