ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව සහ ඇමරිකාව අතර පිහිටි සුප්‍රසිද්ධ ‘ඔන්ටේරියෝ විල’ (Lake Ontario) ‘ලේක් ඇමරිකා’ ලෙස නම් කිරීමට ගත් තීරණය මේ වන විට ලෝකයේම අවධානය දිනාගෙන තියෙනවා. මේ අමුතු නියෝගයත් සමඟම ට්‍රම්ප් විසින් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කළ වීඩියෝ කිහිපයක්ද සමාජ මාධ්‍යවල පළ කර තිබුණා. කෙසේ වෙතත්, මේ පියවරට කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ අගමැති ඩග් ෆෝඩ් ඉතා දැඩි ලෙස විරෝධය පළ කරමින්, විල අසල ‘ඔන්ටේරියෝ විල – දැන් සහ සැමදා’ යනුවෙන් දැවැන්ත නාම පුවරුවක් සවිකිරීමට පියවර ගත්තා. ඔහු පවසන්නේ ට්‍රම්ප්ගේ මේ ක්‍රියාව කැනඩාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා ඇති වූ කෝපයක ප්‍රතිඵලයක් බවයි.
මේ ගැටුම ආරම්භ වුණේ දෙරට අතර වෙළඳ සාකච්ඡා බිඳ වැටීමත් සමඟයි. ඇමරිකාව කැනේඩියානු භාණ්ඩ මත සියයට 50ක බදු පැනවීමට කටයුතු කිරීම නිසා කැනඩාවත් ඊට සමාන ප්‍රතිචාරයක් දක්වමින් බදු පැනවීමට සූදානම් වෙනවා. මීට පෙර මෙක්සිකෝ බොක්ක ‘ගල්ෆ් ඔෆ් ඇමරිකා’ ලෙස නම් කිරීමට ට්‍රම්ප් ගත් තීරණයත් මෙවැනිම ආන්දෝලනයකට තුඩු දුන්නා. කැනේඩියානු බලධාරීන් පවසන්නේ ට්‍රම්ප් කුමන නියෝග නිකුත් කළත්, ඉතිහාසය පුරා පැවත එන මේ නම් වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකි බවයි. මේ වන විට දෙරට අතර පවතින මේ මත ගැටුම ජාත්‍යන්තර දේශපාලන කරළියේ ලොකු කතාබහක් ඇති කර තිබෙනවා.

Discussion & Feedback