ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනේඩියානු නිෂ්පාදන සඳහා පනවා ඇති දැවැන්ත බදු පැනවීම්වලට ප්‍රතිචාර දක්වමින්, කැනඩාව විසින් ඇමරිකානු භාණ්ඩ 700කට අධික ප්‍රමාණයක් ඉලක්ක කර ගනිමින් ප්‍රති-බදු පැනවීමට තීරණය කර තිබෙනවා. ඇමරිකාව විසින් කැනේඩියානු භාණ්ඩ මත පනවා ඇති බදු ප්‍රමාණයට සමාන වන පරිදි, ඇමරිකානු ඩොලර් බිලියන 19.9ක් වටිනා භාණ්ඩ සඳහා මෙම බදු පැනවීම සිදු කෙරෙනවා. වානේ, ඇලුමිනියම්, කිරි නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ප්ලාස්ටික් ඇතුළු ක්ෂේත්‍ර රැසක් මෙයට අයත් වන අතර, මෙම බදු ප්‍රතිශතය 15% සිට 50% දක්වා ඉහළ අගයක පවතිනවා. සැප්තැම්බර් 8 වැනිදා සිට මෙම නව බදු ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම වෙළඳ ගැටුම නිසා පීඩාවට පත්වන කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට සහනයක් ලෙස කැනේඩියානු රජය විසින් කැනේඩියානු ඩොලර් බිලියන 7.5ක මූල්‍ය ආධාර පැකේජයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. දෙරට අතර පවතින මෙම උණුසුම් තත්ත්වය හමුවේ ඇමරිකානු පාරිභෝගිකයන්ට ද භාණ්ඩ මිල ඉහළ යාමේ බලපෑමට මුහුණ දීමට සිදුවනු ඇති බව ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, ඇමරිකාව සහ කැනඩාව අතර පවතින මෙම වෙළඳ යුද්ධය ලෝක ආර්ථිකයට කෙබඳු බලපෑමක් ඇති කරාවිද යන්න පිළිබඳව මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

Discussion & Feedback