ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය තුළ බාලවයස්කාර විවාහ නීතියෙන් තහනම් කිරීමට එරට ආණ්ඩුකාර ගැවින් නිව්සම් පියවර අරගෙන තියෙනවා. මීට පෙර කැලිෆෝනියාවේ දෙමාපියන්ගේ කැමැත්ත සහ විනිසුරුවරයෙකුගේ අනුමැතිය මත ඕනෑම වයසක දරුවෙකුට විවාහ වීමට අවස්ථාව තිබුණා. නමුත් අලුත් නීතියට අනුව ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අයට පමණක් විවාහ වීමට අවස්ථාව ලැබෙනවා. තවමත් ඇමරිකාවේ ප්‍රාන්ත 32ක බාලවයස්කාර විවාහ නීත්‍යානුකූලව පවතින පසුබිමක, කැලිෆෝනියාව ගත් මේ තීරණය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වෙලා තියෙනවා.
මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බාලවයස්කාර විවාහවලට ගොදුරු වූ කාන්තාවන් පවසන්නේ මෙය දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන වැදගත් ජයග්‍රහණයක් බවයි. කුඩා කල විවාහයට බලකෙරුණු සාරා ටස්නීම් වැනි කාන්තාවන් වසර ගණනාවක් තිස්සේ මේ වෙනුවෙන් පෙනී සිටියා. බාලවයස්කාර විවාහ නිසා බොහෝ ගැහැණු ළමයින් අපයෝජනයන්ට සහ ගෘහස්ථ හිංසනයන්ට ලක්වන බවත්, ඔවුන්ට අධ්‍යාපනය අහිමි වන බවත් වාර්තා වෙනවා. ඇමරිකාව පුරාම මෙවැනි අසාධාරණ නීති වෙනස් කරමින් දරුවන් ආරක්ෂා කර ගැනීමට තවදුරටත් සටන් කරන බවයි ක්‍රියාකාරීන් පවසන්නේ. කැලිෆෝනියාවේ ගත් මේ තීරණය ඉදිරියේදී අනෙක් ප්රාන්තවලටත් ආදර්ශයක් වේවි.

Discussion & Feedback