රටේ සංවර්ධන ව්‍යාපෘති සහ ක්ෂේත්‍ර රාජකාරි කටයුතු මේ දවස්වල හරියට කරගෙන යන්න ලොකු බාධාවක් වෙලා තියෙන්නේ අවශ්‍ය වාහන පහසුකම් නැතිකමයි. මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට රජයේ ආයතනවල මෙහෙයුම් කටයුතු ශක්තිමත් කරන්න අලුතින් වාහන 535ක් මිලදී ගන්න කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙනවා. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විදිහට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කරපු මේ යෝජනාවට තමයි අනුමැතිය ලැබිලා තියෙන්නේ.
මේ මිලදී ගැනීමට නියමිත වාහන අතරට ට්‍රැක්ටර් 175ක්, වතුර බවුසර් 100ක්, බැකෝ ලෝඩර් යන්ත්‍ර 100ක් සහ ටිපර් රථ 160ක් ඇතුළත් වෙනවා. ගොඩක් රාජ්‍ය ආයතනවල මේ වගේ වාහන හිඟයක් තියෙන නිසා සංවර්ධන වැඩ කටයුතු කාර්යක්ෂමව කරගන්න ලොකු අපහසුවක් තිබුණා. ඉතින් මේ අලුත් වාහන ලැබුණට පස්සේ ක්ෂේත්‍ර මට්ටමේ වැඩ කටයුතු කලින්ට වඩා වේගවත් කරගන්න පුළුවන් වෙයි කියලා තමයි රජය බලාපොරොත්තු වෙන්නේ.
මේ පියවරත් එක්ක ඉදිරියේදී රටේ සංවර්ධන ව්‍යාපෘතිවල තියෙන ප්‍රමාදයන් අවම කරගෙන ජනතාවට අවශ්‍ය සේවාවන් වඩාත් හොඳින් ලබා දෙන්න පුළුවන් වේවි. මේ වාහන මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් ආරම්භ කරන්නත් කටයුතු යොදලා තියෙනවා.

Discussion & Feedback