පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ හෙවලොක් ටවුන් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගබඩාවක් වැටලීමකට ලක් කර තිබෙනවා. එහිදී කිසිදු බලපත්‍රයක් නොමැතිව ගබඩා කර තිබූ රුපියල් මිලියන 10කට වඩා වටිනා ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් නිලධාරීන් විසින් සොයාගෙන තියෙනවා. මෙම වැටලීම ඊයේ (05) සිදු කර ඇති අතර, එහිදී පිළිකා සහ හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ගන්නා ඖෂධ ඇතුළු වර්ග 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරියට හැකි වුණා.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ඖෂධ කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව මගීන්ගේ ගමන් මලු හරහා මෙරටට ගෙන්වා ඇති බවයි. පසුව මෙම ඖෂධ තොගය තොග සහ සිල්ලර වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා. මෙවැනි ක්‍රියාවන් ජනතාවගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් වන නිසා, අදාළ සැකකරුවන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ දැඩි නීතිමය පියවර ගැනීමට මේ වන විටත් කටයුතු සූදානම් කරමින් පවතිනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවමත් ක්‍රියාත්මකයි. නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ඖෂධ භාවිත කිරීමෙන් රෝගීන්ට සිදුවිය හැකි හානිය පිළිබඳව බලධාරීන් ජනතාවට නිරන්තරයෙන් අවවාද කරනවා. එබැවින් මෙවැනි ජාවාරම්කරුවන්ගෙන් ඖෂධ මිලදී ගැනීමේදී ඉතාමත් කල්පනාකාරී වන ලෙසත්, සැක සහිත දේවල් ඇත්නම් වහාම බලධාරීන් දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback