අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ව්‍යාජ ශ්‍රී ලංකා ප්‍රමිති සහතික ලාංඡනය (SLS) සහිත පානීය ජල බෝතල් සහ බහාලුම් අටදහස් පන්සියයකට අධික ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. පසුගිය අගෝස්තු 21 වැනිදා මෙම වැටලීම සිදුකර තිබෙන්නේ එම අධිකාරියේ තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීමේ අංශයේ නිලධාරීන් විසින්. මූලික විමර්ශනවලදී හෙළිවෙලා තියෙන්නේ මෙම ජල තොගය අමිතිරිගල – රුවන්වැල්ල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කර, වෙළඳපොළට නිකුත් කිරීමට පෙර අවිස්සාවේල්ලේ පිහිටි ගබඩාවක සඟවා තිබූ බවයි.
මෙම ජල තොගයට මිලිලීටර් 500 සිට ලීටර් 19 දක්වා ප්‍රමාණයේ බහාලුම් ඇතුළත් වන අතර, ඒවායේ ව්‍යාජ SLS ලාංඡනයක් සහ 894 දරන සහතික අංකය සඳහන් කර තිබෙනවා. වාසනාවකට මෙන් මෙම නිෂ්පාදන තවමත් වෙළඳපොළට නිකුත් කර නොතිබූ නිසා නිලධාරීන් විසින් එම සම්පූර්ණ තොගයම මුද්‍රා තබා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතර, වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කරනවා.
පාරිභෝගිකයන්ට සහ වෙළඳුන්ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂයෙන්ම මතක් කරන්නේ යම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී එහි ප්‍රමිති සහතික ලාංඡන සහ නිෂ්පාදන තොරතුරු පිළිබඳව හොඳින් විමසිලිමත් වන ලෙසයි. යම් සැක සහිත නිෂ්පාදනයක් වෙළඳපොළේ තිබෙනවා නම් වහාම 1977 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඒ බව දැනුම් දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback