මේ දවස්වල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රට පුරාම තියෙන පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කරගෙන විශේෂ වැටලීම් මාලාවක් පවත්වනවා. මේ වැටලීම්වලදී ඇත්තටම කම්පනයට පත්වෙන කරුණු කිහිපයක්ම එළියට ඇවිත් තියෙනවා. දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි වැටලීම් 52ක් සිදු කරලා තියෙන අතර, එහිදී රෝගීන්ගේ පරීක්ෂණ සඳහා යොදාගන්නා කල් ඉකුත් වූ සහ භාවිතයට නුසුදුසු වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් සොයාගන්න ලැබුණා.
විශේෂයෙන්ම රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරන කට්ටල, ඩෙංගු රෝගය හඳුනාගන්නා කට්ටල, හෘද රෝගීන් සඳහා භාවිතා කරන ජෙල් වර්ග සහ විවිධ රසායනාගාර රසායනික ද්‍රව්‍ය වගේ දේවල් කල් ඉකුත් වෙලා තිබියදීත් රෝගීන්ගේ පරීක්ෂණ සඳහා යොදාගන්නා බවයි පරීක්ෂණවලදී හෙළි වුණේ. මේවා අලුත් උපකරණ එක්කම එකට ගබඩා කරලා තිබීම නිසා රෝගීන්ගේ සෞඛ්‍යයට ලොකු තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. අදාළ ආයතනවල තිබී සොයාගත්ත මේ සියලුම දේවල් මේ වන විට පාරිභෝගික අධිකාරියේ භාරයට අරගෙන තියෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ආයතනවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ නීතිමය පියවර ගන්න කටයුතු කරනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි වැටලීම් දිගටම සිදු කරන බවත්, වගකීම් විරහිතව කටයුතු කරන ආයතනවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරනවා. ඒ නිසා පෞද්ගලික රෝහල්වලින් සේවා ලබාගන්නා විට ජනතාවත් මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන එක වැදගත්.

Discussion & Feedback