ඊජිප්තුවේ රතු මුහුදු වෙරළ ආශ්රිත ප්‍රදේශයක සිදුවුණු බිහිසුණු බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. දහබ් සහ නුවෙයිබා නගර අතර මාර්ගයේදී බදාදා උදෑසන මේ අනතුර සිදුවෙලා තියෙන්නේ. මේ අනතුරෙන් තවත් 28 දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කරලා තියෙනවා. අනතුර සිදුවුණු වහාම ගිලන් රථ 20ක් පමණ එම ස්ථානයට යවලා තුවාලකරුවන්ට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දීලා ඔවුන්ව රෝහල් වෙත යොමු කිරීමට බලධාරීන් පියවර අරන් තියෙනවා. මේ වන විටත් අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වෙලා නැහැ.
මේ ප්‍රදේශය ලෝකයේ විවිධ රටවල සංචාරකයින් නිතරම ගැවසෙන ජනප්‍රිය සංචාරක කලාපයක්. ඊජිප්තුවේ මාර්ග අනතුරු ඉතා බහුලව සිදුවෙන අතර, පසුගිය වසරේදී පමණක් මාර්ග අනතුරු නිසා පුද්ගලයින් 6,000කට ආසන්න පිරිසක් මියගොස් තියෙනවා. රියදුරන්ගේ නොසැලකිලිමත්කම සහ මාර්ග නඩත්තු කිරීමේ දුර්වලතා මේ වගේ අනතුරු බහුල වීමට ප්‍රධාන හේතු විදිහටයි සැලකෙන්නේ. පසුගිය මාසයේදීත් ඊජිප්තුවේ ඉස්මයිලියා ප්‍රාන්තයේ ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙක් මියගොස් තවත් 30 දෙනෙක් තුවාල ලැබුවා. මේ වගේ සිදුවීම් නිසා එරට මාර්ග ආරක්ෂාව පිළිබඳව ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.

Discussion & Feedback