බුර්කිනා ෆාසෝ රාජ්‍යය තමන්ගේම රන් පිරිපහදු මධ්‍යස්ථානයක් අලුතින් විවෘත කරලා තියෙනවා. මේ පියවර ගත්තේ එරට හමුදා පාලක කැප්ටන් ඉබ්රාහිම් ට්‍රාඕරේගේ මූලිකත්වයෙන්. මෙතෙක් කල් අමු ද්‍රව්‍ය විදිහට පිටරට යවපු රන්, තවදුරටත් එහෙම නොකර රට ඇතුළෙම පිරිපහදු කරලා ඒකෙන් ලැබෙන වාසිය රටේ ජනතාවටම ලබාගන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 11කට වඩා වැඩි මුදලක් වැය කරලා තියෙනවා. මේ මධ්‍යස්ථානය හරහා වසරකට රන් ටොන් 164ක් පිරිපහදු කරන්න පුළුවන් වගේම, අනාගතයේදී මේක කලාපීය රන් පිරිපහදු මධ්‍යස්ථානයක් බවට පත් කරගන්නත් ඔවුන් සැලසුම් කරලා තියෙනවා.
මේ පියවර ගත්තේ රටේ ස්වභාවික සම්පත් මත තියෙන පාලනය තහවුරු කරගන්න. විශේෂයෙන්ම කුඩා පරිමාණයේ රන් කැණීම්වලදී සිදුවන හොර ජාවාරම් සහ ඒ හරහා අන්තවාදී කණ්ඩායම්වලට මුදල් ලැබීම වළක්වන්න මේ පිරිපහදුව ලොකු පිටුවහලක් වෙයි කියලා රජය විශ්වාස කරනවා. විදේශීය සමාගම්වලටත් දැන් රජයේ කොටස් අනිවාර්ය කරලා තියෙන නිසා, මේක රටේ ආර්ථික ස්වාධීනත්වය වෙනුවෙන් ගත්ත ලොකු පියවරක් විදිහටයි දකින්න පුළුවන් වෙන්නේ. “අපේ රන් සම්පත තවදුරටත් වෙනත් රටවලට වාසි ගෙන දෙන්නේ නැහැ” කියලා එරට පතල් ඇමතිවරයාත් ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා.

Discussion & Feedback