බෙල්ජියමේ නැගෙනහිර ෆ්ලැන්ඩර්ස් ප්‍රදේශයේ පැරණි නිවසක් අලුත්වැඩියා කරමින් සිටි ඉදිකිරීම් කම්කරුවන්ට ඇදහිය නොහැකි තරම් වටිනා රන් නිධානයක් හමුවෙලා තියෙනවා. ඔවුන් අපජල නල පද්ධතියක් සකස් කිරීම සඳහා බිම හාරමින් සිටියදී තමයි බිත්ති අස්සේ සඟවා තිබූ රන් තීරු සහ රන් කාසි තොගයක් දැකගන්න ලැබිලා තියෙන්නේ. මේ රන් නිධානයේ වටිනාකම යුරෝ මිලියන 9ක් පමණ වෙනවා. මේ වැඩේ කරපු තරුණ සේවකයෙක් කියන විදිහට මුලින්ම ඔවුන් හිතුවේ මේවා සාමාන්‍ය කාසි කියලා වුණත්, පස්සේ තමයි මේවා රත්තරන් කියලා තේරුම් ගිහින් තියෙන්නේ. මොන දේ වුණත් මේ වගේ විශාල රන් තොගයක් හොරෙන් තියාගන්න බැරි නිසා ඔවුන් වහාම පොලිසියට මේ ගැන දැනුම් දීලා තියෙනවා.
දැන් මේ රත්තරන් කාටද අයිති වෙන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා. මේ නිවස අයිති වෙන්නේ සමාජ සේවා කටයුතු කරන පුණ්‍යායතනයකට. ඒ නිසා මේ මුදල් ලැබුණොත් ඒකෙන් සමාජ සේවාවන් දියුණු කරන්න පුළුවන් වෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා. බෙල්ජියමේ නීතියට අනුව, මේ රත්තරන්වල සැබෑ අයිතිකරුට ඉදිරි වසර පහ ඇතුළත එය හිමිකම් කියන්න අවස්ථාව තියෙනවා. එහෙම කවුරුත් ඉදිරිපත් වුණේ නැත්නම්, නීත්‍යානුකූලව මේ රත්තරන් ප්‍රමාණය නිවස අයිති පාර්ශ්වය සහ එය සොයාගත් කම්කරුවන් අතර බෙදී යනවා. කොහොම වුණත්, මේ සිදුවීම නිසා දැන් ඒ ප්‍රදේශයේම ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.

Discussion & Feedback