තායිලන්තයේ අයුතයා ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික වට් පුත්තයිසවාන් විහාරස්ථානයේ හිටපු විහාරාධිපති හිමිනමක් රුපියල් මිලියන සියයකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ භික්ෂුව විහාරස්ථානයට ලැබුණු පරිත්‍යාග මුදල් සහ පූජා භාණ්ඩ විකිණීමෙන් ලැබුණු මුදල් විහාරස්ථානයේ ගිණුමට බැර නොකර වසර දෙකක් පුරා තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට අරන් තියෙන බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වෙලා තියෙන්නේ. උන්වහන්සේගේ නිවසේ සිදුකළ වැටලීමකදී රන් දඬු සහ මුදල් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙන අතර, මේ මුදල් කළමනාකරණය කිරීමට උදව් වූ කාන්තාවක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වඩාත් කම්පනයට කරුණක් වෙලා තියෙන්නේ, මේ භික්ෂුව එම කාන්තාව සමඟ අනාචාරයේ හැසිරෙන දර්ශන ඇතුළත් සීසීටීවී දර්ශන පොලිසියට හමුවීමයි. තායිලන්තයේ භික්ෂූන් වහන්සේලා බ්‍රහ්මචාරී විය යුතු වුවත්, මෙවැනි සිදුවීම් වාර්තා වීම එරට බෞද්ධ සමාජය තුළ විශාල කතාබහක් ඇති කරලා තියෙනවා. අත්අඩංගුවට ගත් භික්ෂුව වහාම ක්‍රියාත්මක වන පරිදි සිවුරු හැරවීමට පියවර ගෙන ඇති අතර, මේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනෙක් සිටින බවට පොලිසිය සැක කරනවා. තායිලන්තයේ භික්ෂූන් වහන්සේලා රාජ්‍ය නිලධාරීන් ලෙසද සැලකෙන නිසා, මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට බලධාරීන් කටයුතු කරමින් ඉන්නවා.

Discussion & Feedback