ලොව පුරා අතිශය ජනප්රිය දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS, මෙවර 2027 ග්රැමී සම්මාන උළෙල සඳහා තම නිර්මාණ ඉදිරිපත් නොකරන බව නිල වශයෙන් ප්රකාශ කර තිබෙනවා. කණ්ඩායමේ සාමාජිකයන් හත්දෙනාම එකම ආකාරයේ පණිවිඩයක් සිය ඉන්ස්ටග්රෑම් ගිණුම් හරහා බෙදා ගනිමින් පවසා සිටියේ, සංගීතය යනු භාෂාවකින් හෝ කලාපයකින් බෙදිය යුතු දෙයක් නොවන බවයි. ඔවුන්ගේ නවතම ඇල්බමය වන ‘Arirang’ සහ ‘Swim’ ගීතය මෙවර ග්රැමී සම්මාන උළෙලේ ප්රධාන කාණ්ඩ කිහිපයක් සඳහාම නිර්දේශ වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුණත්, මෙම තීරණය රසිකයන් මවිතයට පත් කිරීමට සමත් වුණා.
මෙම තීරණයට ප්රධාන හේතුව වී ඇත්තේ ග්රැමී සම්මාන උළෙල විසින් අලුතින් හඳුන්වා දුන් ‘හොඳම ආසියානු පොප් සංගීත ප්රසංගය’ සඳහා වන සම්මාන කාණ්ඩයයි. ග්රැමී රීතිවලට අනුව, මෙම කාණ්ඩයට නිර්දේශ වීමට නම් ගීතයක ආසියානු භාෂාවක භාවිතයක් තිබිය යුතුයි. කෙසේ වෙතත්, BTS හි නව ගීතවල පද රචනයෙන් 80%කට වඩා වැඩි ප්රමාණයක් ඉංග්රීසි භාෂාවෙන් සමන්විත වීම නිසා, ඔවුන්ව මෙම නව කාණ්ඩයට කොටු කිරීමට උත්සාහ කිරීමක් ලෙස රසිකයන් මෙය දකිනවා. සංගීතය භාෂාවෙන් වෙන් නොකර, එය පවතින ආකාරයෙන්ම රසවිඳිය යුතු බව පවසමින් ඔවුන් ග්රැමී සම්මාන උළෙලේ මෙම වර්ගීකරණයට සිය විරෝධය පළ කර තිබෙනවා. මීට පෙර ද ප්රසිද්ධ ගායක ගායිකාවන් කිහිප දෙනෙක්ම විවිධ හේතු මත ග්රැමී සම්මාන උළෙල වර්ජනය කර ඇති අතර, BTS ද දැන් එම ලැයිස්තුවට එක්ව සිටිනවා.

Discussion & Feedback