ලෝක ප්රකට ඔස්කාර් සම්මාන උළෙල සංවිධානය කරන ‘ඇකඩමි ඔෆ් මෝෂන් පික්චර් ආට්ස් ඇන්ඩ් සයන්සස්’ ආයතනයේ වසර විස්සකට වැඩි කාලයක් ප්රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ බෲස් ඩේවිස් වයස අවුරුදු 83 දී අභාවප්රාප්ත වෙලා. ලියුකේමියා රෝගය හේතුවෙන් ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බව ඔහුගේ බිරිඳ ජෝන් මාධ්ය වෙත තහවුරු කර තිබෙනවා. 1981 වසරේදී ඇකඩමියට සම්බන්ධ වූ ඔහු, 1989 දී එහි විධායක අධ්යක්ෂවරයා ලෙස පත්වී 2011 වසරේ විශ්රාම යන තෙක්ම එම ආයතනයේ දියුණුව වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළා.
තමන්ගේ සේවා කාලය ගැන අදහස් දක්වමින් බෲස් වරෙක පවසා තිබුණේ, ඔස්කාර් රාත්රියේදී රතු පලස මත ඇවිද යන විට දැනෙන උද්යෝගය සහ ශක්තිය කිසිදාක තමන්ට කම්මැලි බවක් ගෙන නොදුන් බවයි. ඔහු ඇකඩමි කෞතුකාගාරයක් පිහිටුවීමේ සිහිනය යථාර්ථයක් කර ගැනීමට මුල සිටම කැපවූ අයෙක්. විශ්රාම ගැනීමෙන් පසු ඔහු ‘ද ඇකඩමි ඇන්ඩ් ද අවෝඩ්’ නමින් පොතක් ද රචනා කළ අතර, එහිදී ඔස්කාර් සම්මාන ප්රතිමාවට එම නම ලැබුණු ආකාරය පිළිබඳව ඔහු සිදුකළ පර්යේෂණය ලොව පුරා කතාබහට ලක්වුණා. එලිනෝර් ලිලෙබර්ග් නම් කාන්තාව එම නම යෝජනා කළ බවට ඔහු සාක්ෂි සහිතව ඔප්පු කළේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගනිමින්. බෲස් ඩේවිස්ගේ වියෝව හොලිවුඩ් සිනමා ලෝකයට විශාල පාඩුවක් බවයි බොහෝ දෙනා පවසන්නේ.

Discussion & Feedback