හොංකොං රාජ්‍යයේදී බැංකු නිලධාරියෙකුට අතවර චෝදනා එල්ල කර ඔහුගෙන් කප්පම් ගැනීමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට වසර හයක සිරදඬුවමක් නියම වෙලා තියෙනවා. ඉසබෙල් රෝස් නම් 26 හැවිරිදි මෙම කාන්තාව, තමන්ව දූෂණය කළ බවට අදාළ පුද්ගලයාට චෝදනා කරමින් ඔහුගෙන් පවුම් ලක්ෂයක මුදලක් ලබාගැනීමට උත්සාහ කර තිබුණා. නමුත් අධිකරණයේදී අනාවරණය වුණේ ඇය සිදුකර ඇත්තේ අසත්‍ය චෝදනාවක් බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හොංකොං දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරු ඇඩ්රියානා සේ ප්‍රකාශ කළේ, ඇය අහිංසක පුද්ගලයෙකුගේ කරුණාව සහ මිත්‍රත්වය අවභාවිතා කරමින් ඉතාමත් නින්දිත සහ ද්වේෂසහගත ක්‍රියාවක නිරත වී ඇති බවයි.
මෙම සිද්ධියට අදාළව දෙදෙනා අතර හුවමාරු වූ වට්ස්ඇප් පණිවිඩ සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එහිදී ඇය මුදල් ඉල්ලා තර්ජනය කර ඇති ආකාරය පැහැදිලිවම දැකගන්න පුළුවන්. මුලින්ම ඇය අතවරයක් ගැන පවසා පසුව ඔහුගෙන් මුදල් ඉල්ලා පීඩනයක් එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත්, තමන්ට එල්ල වූ චෝදනා ඇය දිගින් දිගටම ප්‍රතික්ෂේප කළත්, අධිකරණය ඇයව වරදකාරිය ලෙස නම් කරමින් කප්පම් ගැනීම සහ අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම යන චෝදනා යටතේ මෙම සිරදඬුවම ලබා දුන්නා. මේ සිදුවීම මේ වන විට ලෝකය පුරාම ලොකු කතාබහක් ඇති කර තිබෙනවා.

Discussion & Feedback