ස්වීඩනයේ වසර 22ක් තිස්සේ ජීවත් වන 78 හැවිරිදි ජොයිස් තෝමස් නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට එරටින් පිටව යන ලෙස බලධාරීන් නියෝග කර තිබෙනවා. ඇය සිය සැමියා සමඟ වසර ගණනාවකට පෙර ස්වීඩනයට සංක්‍රමණය වූ අතර, ඇගේ සැමියා මියගොස් ඇත්තේ මීට වසර තුනකට පෙරයි. බ්‍රෙක්සිට් (Brexit) ක්‍රියාවලියෙන් පසු ස්වීඩනයේ රැඳී සිටීම සඳහා අවශ්‍ය නිසි ලියාපදිංචිය සිදු නොකිරීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව වී තිබෙනවා. තමන්ට එවැනි නීතියක් ගැන දැනුමක් නොතිබූ බව පවසන ජොයිස්, මේ වන විට දැඩි මානසික පීඩනයකින් පසුවන බවයි මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.
තම දරුවන්, මුණුබුරන් සහ මියගිය සැමියාගේ සොහොන් කොත අතහැර දමා යෑම තමන්ට දරාගත නොහැකි වේදනාවක් බව ඇය කඳුළු සලමින් පවසනවා. ඇය මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටියත්, ස්වීඩන බලධාරීන් ඇයට රටින් පිටවීමට අවසන් දින නියම කර තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්වීඩන සංක්‍රමණ අමාත්‍යවරයා පවසා ඇත්තේ, බලපෑමට ලක්වූවන්ට සහනයක් ලබා දිය හැකි දැයි සොයා බලන බවයි. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය ජාතිකයන් දහස් ගණනකට මේ වන විටත් ස්වීඩනයෙන් පිටවීමට සිදුව ඇති අතර, ජොයිස් වැනි වැඩිහිටියන්ට සිදුව ඇති මෙම අසාධාරණය සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු බොහෝ දෙනා දැඩි විවේචන එල්ල කරමින් සිටිනවා.

Discussion & Feedback