ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය යූටියුබ් තරුවක් සහ රැප් ගායකයෙක් වන යන්ග් ෆිලී හෙවත් ඇන්ඩ්‍රෙස් ෆෙලිපේ වැලෙන්සියා බැරියන්ටෝස්ට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී නැවත නඩු විභාගයක් පැවැත්වීමට තීරණය කරලා තියෙනවා. ඔහුට එරෙහිව දූෂණ චෝදනා දහයක් එල්ල වී තිබුණත්, පසුගිය මාසයේ පැවති නඩු විභාගයේදී ඉන් චෝදනා තුනකින් ඔහු නිදොස් කොට නිදහස් වුණා. නමුත් තවත් දූෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් තීන්දුවක් ලබා ගැනීමට ජූරි සභාවට නොහැකි වූ නිසා තමයි මෙලෙස නැවත නඩු විභාගයක් පැවැත්වීමට සිදුවෙලා තියෙන්නේ.
මෙම සිදුවීම වාර්තා වුණේ 2024 වසරේදී පර්ත් නුවර පැවති ප්‍රසංගයකින් පසුවයි. තමන්ගේ හෝටල් කාමරයට පැමිණි තරුණියකට ලිංගික අතවර කළ බවට ඔහුට චෝදනා එල්ල වුණා. තමන් සිදුකළේ එකඟතාවයෙන් කළ ලිංගික ක්‍රියාවක් බව ඔහු අධිකරණයේදී ප්‍රකාශ කළත්, පැමිණිලිකාරිය පවසන්නේ ඔහු තමන්ගේ විරෝධය නොතකා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බවයි. දැනට ඔහුට එරෙහිව එල්ල වී ඇති පහරදීමේ චෝදනා දෙකකට ඔහු වරදකරු වී තිබෙනවා. නමුත් එම චෝදනාවලට දඬුවම් නියම කිරීම මෙම නැවත නඩු විභාගය අවසන් වන තුරු කල් දමා තිබෙනවා.
කොලොම්බියාවේ උපත ලබා බ්‍රිතාන්‍යයේ හැදී වැඩුණු මෙම ජනප්‍රිය සමාජ මාධ්‍ය තරුව, බීටා ස්කොඩ් (Beta Squad) කණ්ඩායම හරහා ලොව පුරා රසිකයන් අතර ප්‍රසිද්ධියට පත් වුණා. ඉදිරියේදී ඔහුගේ ඇප කොන්දේසි වෙනස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිත අතර, නැවත නඩු විභාගය පැවැත්වෙන දිනයක් තවමත් ප්‍රකාශ කර නැහැ. පැමිණිලිකාරිය නැවතත් සාක්ෂි ලබා දීමට කැමැත්ත පළ කර තිබෙන නිසා නඩුවේ ඉදිරි ගමන බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback