ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික මවක් සහ ඇගේ කුඩා දරුවන් දෙදෙනා අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර අවධානය යොමු වෙලා තියෙනවා. නිෂිකා සමරතුංග නම් 34 හැවිරිදි මෙම මව, ඇගේ දරුවන් දෙදෙනා වන පස් හැවිරිදි බ්ලේන් සහ තුන් හැවිරිදි නතානියෙල් සමඟ පසුගිය මාර්තු 29 වැනිදා සිට අතුරුදන් වෙලා ඉන්නේ. ඇමරිකාවේ කොලරාඩෝ අධිකරණය විසින් දරුවන්ගේ භාරකාරත්වය ඔවුන්ගේ පියා වන බෙන් බයර් වෙත ලබා දී තිබුණත්, නිෂිකා දරුවන්ව නියමිත පරිදි පියා වෙත භාර නොදී මෙලෙස සැඟවී සිටින බවයි වාර්තා වෙන්නේ.
මෙම දරුවන් දෙදෙනාම ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙන නිසා ඔවුන්ගේ සෞඛ්‍ය සහ අධ්‍යාපන කටයුතු ගැන පියා දැඩි කනස්සල්ලකින් ඉන්නේ. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ අවදානමක් ඇති බවට ඇමරිකානු අධිකරණය මීට පෙර අනතුරු අඟවා තිබුණා. මේ වන විට ලන්ඩන් මහාධිකරණය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධ කිරීමට අවසර ලබා දී ඇත්තේ, දරුවන් සොයා ගැනීමේ මෙහෙයුම් වේගවත් කිරීමේ අරමුණින්. දරුවන්ව සොයා ගැනීමට බ්‍රිතාන්‍යයේ ආයතන කිහිපයකටම නියෝග නිකුත් කර ඇති අතර, දෙරටේම අධිකරණ හරහා නීතිමය ක්‍රියාමාර්ග තවදුරටත් සිදුවෙමින් පවතිනවා.

Discussion & Feedback