ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ට්‍රිප්-හොප් සංගීත කණ්ඩායමක් වන ‘මැසිව් ඇටෑක්’ (Massive Attack) සංගීත කණ්ඩායමට සිංගප්පූරුවේ ප්‍රසංග පැවැත්වීම තහනම් කිරීමට එරට බලධාරීන් පියවර අරන් තියෙනවා. පසුගිය බදාදා පැවැති ප්‍රසංගයකදී එම කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් වේදිකාව මත පලස්තීන කොඩියක් ප්‍රදර්ශනය කරමින් ‘ෆ්‍රී පලස්ටයින්’ (Free Palestine) යනුවෙන් හඬ නගා තිබීම මෙම තහනමට හේතු වී තිබෙනවා. සිංගප්පූරුවේ පවතින දැඩි නීති රීති අනුව අවසරයකින් තොරව විදේශීය කොඩි හෝ ජාතික සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම තහනම් කරලයි තියෙන්නේ.
මෙම සිදුවීමෙන් පසුව පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව, එම කොඩිය ප්‍රදර්ශනය කළ සාමාජිකයන් දෙදෙනාට දැඩි අවවාද ලබා දී ඇති අතර, ඔවුන්ට නැවත සිංගප්පූරුවට ඇතුළු වීමද තහනම් කර තිබෙනවා. එමෙන්ම, අනාගතයේදී මෙම සංගීත කණ්ඩායමට සිංගප්පූරුවේ කිසිදු ප්‍රසංගයක් පැවැත්වීමට අවසර නොදෙන බවත් බලධාරීන් ප්‍රකාශ කරලා තියෙනවා. විදේශීය දේශපාලන මතවාද මෙරටට ගෙන ඒමෙන් සමාජ සහජීවනයට සහ නීතියේ ආධිපත්‍යයට බාධාවක් විය හැකි බව පවසමින්, මෙරට සිටින සියලුම දෙනාට එවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස පොලිසිය වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනවා.
මැසිව් ඇටෑක් කණ්ඩායම මීට පෙර සිටම පලස්තීන ගැටලුව සම්බන්ධයෙන් විවෘතව අදහස් දක්වන පිරිසක් ලෙස ප්‍රසිද්ධයි. ඔවුන්ගේ ප්‍රධාන ගායක රොබට් ඩෙල් නාජා මීට පෙර ලන්ඩනයේ පැවැති විරෝධතාවකදී අත්අඩංගුවට පත්වූ අයෙක්. කෙසේ වෙතත්, සිංගප්පූරුව වැනි දැඩි නීති පද්ධතියක් ඇති රටක මෙවැනි ක්‍රියාවක් සිදු කිරීම නිසා ඔවුන්ට මෙවැනි දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා.

Discussion & Feedback