ප්රසිද්ධ පොයිසන් සංගීත කණ්ඩායමේ ගායක බ්රෙට් මයිකල්ස් තමන්ගේ 2026 වසරේ ඉතිරිව තිබූ සියලුම ‘Live & Amplified’ සංගීත ප්රසංග අවලංගු කිරීමට තීරණය කරලා තියෙනවා. මෑතකදී ඔහු වකුගඩු ගල් ඉවත් කිරීමේ සැත්කමකට මුහුණ දුන්නා. සැත්කමෙන් පස්සේ ඔහු වේදිකාවට ආවත්, වෛද්යවරුන් පවසන්නේ ඔහුට තවදුරටත් විවේකය අත්යවශ්ය බවයි. විශේෂයෙන්ම ගිම්හාන කාලයේ පවතින අධික උණුසුම සහ තෙතමනය ඔහුගේ රුධිරයේ සීනි මට්ටමට බලපෑම් කළ හැකි නිසා, වෛද්යවරුන් ඔහුව සංචාරවලින් ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා.
මයිකල්ස්ගේ ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ, ඔහුට නැවතත් සියයට සියයක් සුවය ලබා ගැනීමට ඉදිරි මාස කිහිපය විවේකයෙන් ගත කිරීමට සිදුවන බවයි. පසුගිය මාසයේදී දින හතක් පුරා දැඩි වේදනාවක් විඳිමින් ඔහු ප්රසංග කිහිපයකටම සහභාගි වුණා. නමුත් වේදනාව දරාගත නොහැකි වූ තැන ඔහු රෝහල්ගත වී සැත්කම සිදුකර ගත්තා. රසිකයන් බලාපොරොත්තු වූ ප්රසංග මාලාව මෙලෙස අතරමග නතර කිරීමට සිදුවීම ගැන මයිකල්ස්ගේ කණ්ඩායම කනගාටුව පළ කරනවා. කෙසේ වෙතත්, ඔහු ඉතා ඉක්මනින් සුවය ලබා නැවතත් වේදිකාවට පැමිණෙනු ඇතැයි රසිකයන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback