ලොව පුරා ඉමහත් ජනප්රියත්වයට පත් වුණු ‘ද මමි’ (The Mummy) චිත්රපට මාලාවේ සිව්වැනි කොටස ගැන මේ දවස්වල අන්තර්ජාලය පුරා ලොකු කතාබහක් යනවා. බ්රෙන්ඩන් ෆ්රේසර් ප්රධාන චරිතයට රංගනයෙන් දායක වන මේ නවතම චිත්රපටයේ වැඩකටයුතු 2025 වසරේ අගභාගයේදී ආරම්භ වුණා. මේ වන විට චිත්රපටයේ අධ්යක්ෂණය මැට් බෙටිනෙලි-ඔල්පින් සහ ටයිලර් ගිලට් විසින් භාරගෙන තියෙනවා වගේම, තිර රචනය සිදු කරන්නේ ඩේවිඩ් කොගෙෂල් විසින්. රසිකයන්ට සතුටු වෙන්න පුළුවන් තවත් විශේෂම කාරණයක් තමයි, මුල් චිත්රපටයේ හිටපු ප්රධාන නළු නිළියන් බොහෝ දෙනෙක් මේ නවතම නිර්මාණයට එකතු වෙලා ඉන්න එක.
විශේෂයෙන්ම රේචල් වයිස්, ජෝන් හැනා සහ කෙවින් ජේ. කොනර් වගේම, ආදෙත් බේ ලෙස රංගනයෙන් දායක වුණු ඔඩෙඩ් ෆෙහ්ර් නැවතත් මේ චිත්රපටයට සම්බන්ධ වෙනවා කියලා තහවුරු කරලා තියෙනවා. මේ ගැන තමන්ගේ ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා ඔඩෙඩ් ෆෙහ්ර් විශේෂ වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා. ඒකේ ඔහු 1999 වසරේ මුල් චිත්රපටයේ තමන් රඟපෑ දර්ශනයක් සහ වර්තමානයේ තමන්ගේ මුහුණේ එම පැරණි පච්ච කොටාගෙන සිටින ආකාරය පෙන්වනවා. මේ දර්ශනය රසිකයන් අතර ගොඩක් ජනප්රිය වෙලා තියෙනවා.
මේ චිත්රපටයට අලුතින් නූමන් අකාර් සහ මයිකල් ජොන්ස්ටන් වැනි නළු නිළියනුත් එකතු වෙලා ඉන්නවා. ඉතින්, බ්රෙන්ඩන් ෆ්රේසර්ගේ මේ දිගු කලක් බලා සිටි සිනමා අත්දැකීම නැවතත් රසිකයන්ට අලුත් විදියකට බලාගන්න පුළුවන් වෙයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා. චිත්රපටයේ ඉදිරි වැඩකටයුතු ගැන තවත් තොරතුරු ඉදිරියේදී දැනගන්න ලැබෙයි.

Discussion & Feedback