ලෝක ප්රසිද්ධ ‘හෝම් අලෝන් 2’ චිත්රපටයේ පරෙවියන් රැකබලා ගන්නා කාන්තාවගේ චරිතයෙන් අප කා අතරත් ජනප්රිය වුණු ප්රවීණ අයර්ලන්ත නිළි බ්රෙන්ඩා ෆ්රිකර් වයස අවුරුදු 81ක්ව තිබියදී අභාවප්රාප්ත වෙලා. ඇයගේ නියෝජිතයා මාධ්ය වෙත පවසා තිබුණේ ඇය පසුගිය කාලය පුරාම අසනීප තත්ත්වයෙන් පසුවූ බවයි. ඇය වැනි දක්ෂ නිළියක් නැවත දකින්න ලැබෙන්නේ නැති බවත්, ඇයගේ වියෝව ලෝක සිනමාවට ලොකු පාඩුවක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
1945 වසරේ ඩබ්ලින් නුවර උපත ලැබූ ඇය, මුලින්ම මාධ්යවේදිනියක් ලෙස තම වෘත්තීය ජීවිතය පටන් ගත්තත් පසුව රංගනයට පිවිසියා. ‘මයි ලෙෆ්ට් ෆුට්’ (My Left Foot) චිත්රපටයේ ඇය රඟපෑ චරිතය වෙනුවෙන් ඔස්කාර් සම්මානය දිනාගන්න ඇය සමත් වුණා. ඒ ජයග්රහණයත් එක්ක ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු අයර්ලන්ත නිළිය බවට පත්වෙන්න ඇයට පුළුවන් වුණා. ජූලියා රොබට්ස් වැනි දැවැන්ත තරු පවා අභිබවා යමින් ඇය ලබාගත් ඒ ජයග්රහණය ඇයගේ රංගන කුසලතාවයට ලැබුණු ලොකුම ඇගයීමක්.
ඉන්පසුව ‘හෝම් අලෝන් 2: ලොස්ට් ඉන් නිව් යෝර්ක්’ චිත්රපටයේ ඇය රඟපෑ චරිතය ලොව පුරා සිටින සිනමා රසිකයන් අතර අමතක නොවන චරිතයක් බවට පත්වුණා. ‘කොරොනේෂන් ස්ට්රීට්’ සහ ‘කැෂුවල්ටි’ වැනි ජනප්රිය ටෙලි නාට්ය හරහාත් ඇය ප්රේක්ෂකයන් අතරට ගියා. සිනමා ලෝකයට ඇය කළ මෙහෙය කිසිදා අමතක නොවන අතර, ඇයගේ වියෝවෙන් කම්පාවට පත් ලොව පුරා සිටින රසිකයන් ඇයට අවසන් ගෞරවය පුද කරනවා.

Discussion & Feedback