බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී, එරට ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා විසින් අන්තර්ජාල ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩා සහ ඔන්ලයින් කැසිනෝ සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. මේ වන විට බ්‍රසීලයේ පවුල් විශාල සංඛ්‍යාවක ආදායම් මාර්ග මේ ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩා නිසා විනාශ වී ඇති බවත්, මෙය පිළිකාවක් වැනි සමාජ රෝගයක් බවත් ජනාධිපතිවරයා පවසනවා. විශේෂයෙන්ම ළමයින් සහ තරුණ පරපුර මේ සඳහා ඇබ්බැහි වීම බරපතල ගැටලුවක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
2018 වසරේදී නීතිගත කළ මෙම ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ කර්මාන්තය පසුගිය කාලය තුළ කිසිදු පාලනයකින් තොරව වර්ධනය වූ බව ලූලා චෝදනා කරනවා. තම පවුලේ දේපළ පවා ඔට්ටු ඇල්ලීම නිසා විකුණා දැමූ පවුල් ගැන තමන් අසා ඇති බවත්, බ්‍රසීල ජනතාවගේ ජීවිත සහ ආදායම මේ සමාගම්වලට ගසාකෑමට ඉඩ නොදෙන බවත් ඔහු අවධාරණය කරනවා. කෙසේ වෙතත්, විපක්ෂ නායක ෆ්ලේවියෝ බොල්සොනාරෝ පවසන්නේ මෙය මැතිවරණය ඉලක්ක කරගෙන ගත් ජනප්‍රියවාදී සහ දේශපාලනික තීරණයක් බවයි.
මේ වන විට බ්‍රසීලයේ වැඩිහිටියන්ගෙන් බහුතරයක් මෙම තහනමට පක්ෂව අදහස් දක්වා තිබෙනවා. කෙසේ වෙතත්, මෙම තහනම ස්ථිර නීතියක් ලෙස පවත්වා ගැනීමට නම් ඉදිරි දින 120 ඇතුළත බ්‍රසීල පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වෙනවා. මැතිවරණයට ඉතා ආසන්නව ගත් මෙම තීරණය බ්‍රසීල දේශපාලන කරළියේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

Discussion & Feedback