ප්රසිද්ධ ගායක බෝයි ජෝර්ජ් ලන්ඩනයේ පැවැත්වෙන ‘ජීසස් ක්රයිස්ට් සුපර්ස්ටාර්’ සංගීතමය වේදිකා නාට්යයෙන් හදිසියේම ඉවත් වීමට තීරණය කරලා තියෙනවා. ඔහු මේ නාට්යයේ ‘කිං හෙරොඩ්’ චරිතයට පණ පොවන්න නියමිතව හිටියත්, මෑතකදී ඔහු නිකුත් කරපු පලස්තීනයට එරෙහි සහ ඊශ්රායලයට පක්ෂපාතී ගීතයක් නිසා ඇති වුණු මතභේදකාරී තත්ත්වය මේ තීරණයට ප්රධාන හේතුවක් වෙලා තියෙනවා. ඔහුගේ කළමනාකරු පෝල් කෙම්ස්ලි පවසන විදිහට, බෝයි ජෝර්ජ් තමන්ගේ පෞද්ගලික මතවාද වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් නිසා, නාට්යයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔහු මේ පියවර අරන් තියෙනවා.
බෝයි ජෝර්ජ් අන්තර්ජාලයට මුදාහැරපු ‘We Will Dance Again’ කියන ගීතය හරහා ඔහු ඊශ්රායලයේ හමුදා ක්රියාමාර්ග සාධාරණීකරණය කරමින් පලස්තීනයට සහය දක්වන අයව විවේචනය කරලා තිබුණා. මේ ගීතය නිසා සමාජ මාධ්ය තුළ ලොකු කතාබහක් ඇති වුණු අතර, නාට්ය නිෂ්පාදකවරුන් සහ රසිකයන් අපහසුතාවයට පත් නොකරන්න ඔහු මේ තීරණය ගත් බවයි වාර්තා වෙන්නේ. කොහොම වුණත්, මේ නිසා නාට්ය බලන්න බලාපොරොත්තුවෙන් හිටපු රසිකයන්ගෙන් ඔහු සමාව ඉල්ලා තිබෙනවා. දැන් බෝයි ජෝර්ජ් වෙනුවට රිචඩ් ආර්මිටේජ් විසින් එම චරිතය රඟ දක්වනු ඇති බවත් සඳහන් වෙනවා.

Discussion & Feedback