ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන 2026 වසරේ වයස අවුරුදු 19න් පහළ පිරිමි සහ කාන්තා බොක්සිං ශූරතාවලිය ජූලි 14 වැනිදා සිට 18 වැනිදා දක්වා දියගම ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියල්ල සූදානම් කරලා තියෙනවා. මේ තරගාවලිය ලෝක බොක්සිං සම්මේලනය මගින් සංවිධානය කරන ජාත්‍යන්තර තරග සඳහා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගන්නා ප්‍රධානම තෝතැන්නක් විදිහටයි සැලකෙන්නේ. මේ සඳහා දිවයින පුරා පාසල් 50කට අධික සංඛ්‍යාවකින් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150ක් පමණ සහභාගී වෙන්න නියමිතයි.
ඒ වගේම, මේ තරගාවලියට සමගාමීව 2026 අතරමැදි බොක්සිං තරගාවලියත් ජූලි 15 වැනිදා සිට 19 වැනිදා දක්වා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, විශ්වවිද්‍යාල සහ දිවයිනේ ප්රමුඛ පෙළේ බොක්සිං සමාජ නියෝජනය කරමින් ක්‍රීඩකයන් 200ක් පමණ මේ සඳහා එක්වීමට බලාපොරොත්තු වෙනවා. අලුතින් දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමට යන්න මේ තරගාවලි දෙකම ඉතාමත් වැදගත් වේදිකාවක් වෙනවා.
මේ ගැන අදහස් දක්වපු ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ මාධ්‍ය අධ්යක්ෂ කුසල් ගුණසේකර මහතා කිව්වේ, මේ තරගාවලි හරහා අපේ රටේ බොක්සිං ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න අවශ්‍ය පදනම ශක්තිමත් කරන බවයි. අලුත් පරපුරේ ක්‍රීඩකයන්ට තමන්ගේ දක්ෂතා පෙන්වලා ජාත්‍යන්තර තරග සඳහා සුදුසුකම් ලබාගන්න ලැබෙන මේ වටිනා අවස්ථාව බොක්සිං ක්‍රීඩාවේ අනාගතයට ලොකු ශක්තියක් වේවි.

Discussion & Feedback