ජනප්රිය ‘සැටඩේ නයිට් ලයිව්’ (SNL) වැඩසටහන හරහා ලොව පුරා රසික ආදරය දිනාගත් බෝවන් යැං, මේ සැප්තැම්බර් මාසයේදී සිය ප්රථම බ්රෝඩ්වේ රංගනය සඳහා එක්වීමට නියමිතයි. ඔහු ‘ඕ, මේරි!’ (Oh, Mary!) නාට්යයේ ‘මේරි ටොඩ් ලින්කන්’ ලෙස රඟපෑමට සූදානම් වන අතර, සැප්තැම්බර් 15 වනදා සිට දෙසැම්බර් 6 වනදා දක්වා සති 12ක කාලයක් ඔහුට මෙම වේදිකාවේදී ප්රේක්ෂකයන් හමුවීමට අවස්ථාව ලැබෙනවා. මෙම නාට්යයේ නිර්මාතෘ කෝල් එස්කෝලා සමඟ ඇති මිත්රත්වය ගැන සඳහන් කරමින් බෝවන් පවසන්නේ, තමන්ගේ රංගන දිවියේ ලැබුණු හොඳම අවස්ථාව මෙය බවයි.
ලයිසියම් රඟහලේදී වේදිකාගත වන මෙම නාට්යය මේ වන විටත් බ්රෝඩ්වේ ඉතිහාසයේ වාර්තාගත ආදායමක් උපයා ගනිමින් ඉතා සාර්ථක ගමනක නිරත වෙනවා. මීට පෙර මෙග් ස්ටෝල්ටර් වැනි ප්රවීණ රංගන ශිල්පීන් රැසක් රඟපෑ මෙම චරිතයට බෝවන් යැං එක්වීම රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කර තිබෙනවා. 2027 වසර දක්වාම ප්රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති මෙම නාට්යය, බ්රෝඩ්වේ කලාවට ආදරය කරන බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන අවසන්. බෝවන්ගේ මෙම නව ගමන ඔහුගේ රසිකයන්ට අලුත්ම අත්දැකීමක් වනු නොඅනුමානයි.

Discussion & Feedback