ලෝකයේ වැඩිම අලි ඇතුන් ගහනයක් ඉන්න රටක් විදිහට සැලකෙන බොට්ස්වානා රාජ්‍යය, තමන්ගේ 60 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් අලි ඇතුන් 23 දෙනෙකු මරා දමන්න තීරණය කරලා තියෙනවා. මේ අලි ඇතුන්ගේ මස් නිදහස් දින උත්සවවලට සහභාගි වෙන අයට සංග්‍රහ කරන්න තමයි යොදාගන්න හදන්නේ. පරිසර හා සංචාරක අමාත්‍යාංශය මේ සඳහා විශේෂ අවසරයක් ලබා දීලා තියෙනවා. හැබැයි මේ තීරණය සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන් සහ පරිසරවේදීන් අතර ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. ඔවුන් කියන්නේ මේ වගේ වැඩක් නිසා අලි ඇතුන් දඩයම් කිරීම සාමාන්‍ය දෙයක් විදිහට සමාජගත වෙන්න පුළුවන් බවයි.
මේ අතර, සමහර ප්‍රදේශවල මිනිස්සු අලි මස් බෙදාගන්න තැන්වල එකතු වෙලා ඉන්නා ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යවලත් සංසරණය වෙනවා. මේක සෞඛ්යාරක්ෂිත නැති බවත්, සතුන්ගේ ගෞරවය රැකෙන විදිහට මේ දේවල් සිදු විය යුතු බවත් ඇතැම් දේශපාලනඥයන් පවා පෙන්වා දෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල පවතින සත්ත්ව රෝග තත්ත්වයන් නිසා මේ මස් පරිභෝජනය ගැනත් ජනතාව අතර බියක් තියෙනවා. බොට්ස්වානා රජය මේ අලි ඇතුන් මරන්න තීරණය කළේ ගොවීන්ට වෙන හානි අවම කරන්න සහ අලි ගහනය පාලනය කරන්න කියලා කිව්වත්, මේ ක්‍රියාව නිසා වනජීවී සංරක්ෂණයට ලොකු හානියක් වෙයි කියලා තමයි බොහෝ දෙනෙක් බිය වෙන්නේ.

Discussion & Feedback