ලෝකයේ වැඩිම අලි ඇතුන් ගහනයක් ඉන්න රට විදිහට සැලකෙන බොට්ස්වානා, තමන්ගේ 60 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් අලි ඇතුන් 23 දෙනෙක්ව දඩයම් කරන්න අවසර දීලා තියෙනවා. මේ අලි මස් නිදහස් දින උත්සවවලට සහභාගි වෙන අයට සංග්‍රහයක් විදිහට ලබා දෙන්න තමයි රජය සැලසුම් කරලා තියෙන්නේ. හැබැයි මේ තීරණය ගැන සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන් සහ පරිසරවේදීන් ලොකු විවේචනයක් එල්ල කරනවා. ඔවුන් කියන්නේ මේ වගේ වැඩක් නිසා අලි ඇතුන් දඩයම් කිරීම සාමාන්‍ය දෙයක් කියලා මිනිස්සු හිතන්න පුළුවන් බවත්, ඒකෙන් සත්ත්ව සංරක්ෂණයට ලොකු හානියක් වෙන බවත්.
මේ අතරේ, රටේ පවතින සත්ත්ව රෝග තත්ත්වයක් නිසා මේ මස් පරිභෝජනය කොයිතරම් දුරට ආරක්ෂිතද කියන ප්‍රශ්නයත් සමාජ මාධ්‍ය හරහා මතුවෙලා තියෙනවා. සමහර ප්‍රදේශවල මිනිස්සු අලි මළ සිරුරු වටා එකතු වෙලා මස් බෙදාගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපත් අන්තර්ජාලයේ සැරිසරනවා. මේ ක්‍රමය ඉතාම අසංවිධානාත්මක බවත්, විශේෂයෙන්ම වැඩිහිටියන්ට සහ ආබාධිත අයට මේකෙන් අසාධාරණයක් වෙන බවත් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් පවා පෙන්වා දෙනවා. බොට්ස්වානා රජය මේ අලි ඇතුන් මරන්න තීරණය කළේ ගොවීන්ගේ වගාවන්ට සිදුවන හානි අවම කරන්න සහ ජනතාවට සහනයක් වෙන්න කියලා කිව්වත්, මේ සිදුවීම නිසා රටේ අලි ඇතුන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලොකු වාද විවාදයක් ආයෙමත් ඇතිවෙලා තියෙනවා.

Discussion & Feedback