නයිජීරියාවේ ජනාධිපති කාර්යාලයේ නමින් ව්‍යාජ ආයතනයක් පිහිටුවාගෙන වංචා කළ පුද්ගලයෙක්ව සති ගණනාවක සැඟවී සිටීමෙන් පසුව පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. අදෙනියි අදෙයෙමි මැතිව් නමැති මේ පුද්ගලයා තමන්ව හඳුන්වා දීලා තිබුණේ ‘ජනාධිපති විදේශ ආයෝජන ප්‍රවර්ධන කවුන්සිලය’ (PFIPC) නමැති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා විදිහටයි. ඇත්තටම මෙහෙම ආයතනයක් ජනාධිපති කාර්යාලය යටතේ නැති බවත්, ඔහු ජනාධිපතිවරයාගේ මාණ්ඩලික ප්‍රධානියාගේ අත්සන පවා ව්‍යාජ ලෙස යොදාගෙන මේ වංචාව කර ඇති බවත් පසුව අනාවරණය වුණා.
මේ ව්‍යාජ ආයතනයට රජයේ අයවැයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ නවයකට අධික මුදලක් වෙන් කර ගැනීමටත් ඔහු උත්සාහ කරලා තියෙනවා. අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණා. තමන්ගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා කියලා ඔහු පැවසුවත්, පොලිස් බුද්ධි අංශ විසින් ඔහුව සොයාගෙන අත්අඩංගුවට ගත්තේ ඔසුන් ප්‍රාන්තයේ සැඟවී සිටියදීයි. මේ සිද්ධිය මුළු නයිජීරියාවම කම්පනයට පත් කළ සිදුවීමක් වෙලා තියෙනවා. මේ වන විට ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා අබුජා නුවර පොලිස් මූලස්ථානයට රැගෙන යාමට නියමිතයි.

Discussion & Feedback