ඕස්ට්‍රේලියාවේ කියමා නගරයේ පුස්තකාලයකින් වසර 150කට පෙර ලබාගත් පොතක් නැවත එම පුස්තකාලයට ලැබී තිබෙනවා. ‘Antiquities of Athens’ නමින් හැඳින්වෙන ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය ගැන ලියැවුණු මෙම පොත, 1870 දශකයේදී පමණ ලබාගෙන තිබෙන්නේ ජෝන් සිමන්ස් නම් අයෙක් විසින්. ඔහු ලන්ඩනයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරීමට දායක වූ ගල් වඩුවෙක්. පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔහු, මෙම පොත තම පෞද්ගලික අවශ්‍යතා සඳහා භාවිත කර තිබෙනවා. කාලයාගේ ඇවෑමෙන් මෙම පොත තේ පෙට්ටියක දමා නිවසක තිබූ ගිනි උදුනක් පිටුපස සඟවා තිබියදී පසුගියදා ඔහුගේ මුණුපුරා වන රොස් සිමන්ස් විසින් සොයාගෙන තිබෙනවා.
මෙම පොත සොයාගත් පසු එය පුස්තකාලයට භාර දුන් අතර, එහි තිබූ නීති රීති අනුව දඩ මුදල ගණනය කළහොත් එය ඕස්ට්‍රේලියානු ඩොලර් 28,000ක් පමණ වන බව පුස්තකාල බලධාරීන් පවසනවා. කෙසේ වෙතත්, මෙම සිදුවීමේ ඇති ඓතිහාසික වටිනාකම නිසා එම දඩ මුදල අය නොකිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. මේ වන විට මෙම පොත පුස්තකාලයේ විශේෂ එකතුවකට ඇතුළත් කර ඇති අතර, එය නැවත කිසිවෙකුටත් පිටතට ගෙන යාමට අවසර ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් මේ අපූරු කතාව අසා පුස්තකාලයට පැමිණ මෙම පොත දැක බලා ගැනීමට උනන්දුවක් දක්වන බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback