අසූව දශකයේ ලොවම පිනවූ ‘Total Eclipse of the Heart’ ගීතයෙන් අතිශය ජනප්රිය වුණු සුප්රසිද්ධ වේල්ස් ජාතික ගායිකා බොනී ටයිලර් වයස අවුරුදු 75 දී අභාවප්රාප්ත වෙලා. ඇය පෘතුගාලයේ රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී හදිසියේම මියගිය බව ඇගේ පවුලේ අය සහ කළමනාකරණ කණ්ඩායම නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. පසුගිය අප්රේල් මාසයේදී බඩවැල් ආශ්රිත හදිසි සැත්කමකට භාජනය වීමෙන් පසු ඇය දැඩි අසාධ්ය තත්ත්වයෙන් පසුවූ අතර, වෛද්යවරුන් ඇයව කෘත්රිම ශ්වසන යන්ත්රයකට සම්බන්ධ කර තිබුණා. ඇගේ වියෝව පිළිබඳ පුවතත් සමඟ ඇගේ නිල වෙබ් අඩවිය පවා අක්රිය වී ඇත්තේ ලොව පුරා සිටින රසිකයන් විශාල පිරිසක් ඇය වෙනුවෙන් ශෝකය පළ කිරීමට උත්සාහ කිරීම නිසයි.
1951 වසරේ වේල්සයේ උපත ලැබූ ඇය, ‘It’s a Heartache’ ගීතයෙන් 1977 දී ජාත්යන්තර කීර්තියට පත්වුණා. ඉන්පසුව 1983 දී ඇය ගායනා කළ ‘Total Eclipse of the Heart’ ගීතය ඇගේ සංගීත දිවියේ විශාලතම සන්ධිස්ථානය බවට පත්වුණා. පසුව ‘Footloose’ චිත්රපටයේ ඇතුළත් වූ ‘Holding Out for a Hero’ ගීතයත් ලොව පුරා අතිශය ජනප්රිය වුණා. දශක ගණනාවක් පුරා සංගීත ක්ෂේත්රයේ රැඳී සිටි ඇය, 2021 වසරේදී ‘The Best Is Yet To Come’ නමින් නවතම ඇල්බමයත් එළිදැක්වූවා. සංගීත ක්ෂේත්රයට ඇය කළ සේවය අගයමින් 2022 වසරේදී ඇයට බ්රිතාන්ය අධිරාජ්යයේ ගෞරව නාමයද පිරිනැමුවා. ඇගේ වියෝව ලෝක සංගීත ක්ෂේත්රයට විශාල පාඩුවක් බවයි රසිකයන් පවසන්නේ.

Discussion & Feedback