සිරියාවේ අගනුවර වන දමස්කස් නුවර ජනාකීර්ණ කැෆේ එකක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් හය දෙනෙක් මියගොස් තවත් 22 දෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ රජයේ ප්‍රධාන ගොඩනැගිල්ලක් වන අධිකරණ මන්දිරයට මීටර් 100ක් පමණ ආසන්නයේ පිහිටි හෙජාස් දිස්ත්‍රික්කයේ කැෆේ එකකයි. බෝම්බය කැෆේ එක ඇතුළත සඟවා තිබූ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා. 2025 ජුනි මාසයේ පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු දමස්කස් නුවර වාර්තා වූ දරුණුතම ප්‍රහාරය මෙය ලෙසයි සැලකෙන්නේ.
ප්‍රහාරය සිදුවූ ස්ථානය අසල වෙළඳසැලක් පවත්වාගෙන යන මොහොමඩ් අල්-දහබි පවසන්නේ, පිපිරීමත් සමඟ මුළු ප්‍රදේශයම සෙලවී ගිය බවත්, තමන් එතැනට දිව යන විට මිනිසුන් ලේ විලක් මැද බිම වැටී සිටිනු දුටු බවත්ය. මේ වන තෙක් කිසිදු කණ්ඩායමක් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන නැහැ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ බෂාර් අල්-අසාද්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු, අන්තර්වාර ජනාධිපති අහමඩ් අල්-ෂාරා රටේ ආරක්ෂාව තහවුරු කිරීමට දැඩි උත්සාහයක් ගත්තත්, මෙවැනි ප්‍රහාර මගින් රටේ ස්ථාවරභාවය නැවතත් අභියෝගයට ලක්ව තිබෙනවා. දමස්කස් ආණ්ඩුකාරවරයා පවසන්නේ මෙම ප්‍රහාරයට වගකිවයුත්තන්ට දැඩි දඬුවම් ලබා දෙන බවයි.

Discussion & Feedback